පුවත්

සිරීපාද මගේ උඩමලුව දක්වා හෝටල් පරික්ෂාවක !

Published

on

ලිස්ටීරියා නමැති රෝගී තත්ත්වය රත්නපුර දිස්ත්‍රික්කය ආශ්‍රිතව පැතිරයාමේ අවදානමක් නොමැති බව සෞඛ්‍ය බලධාරීහු පවසති. 

රෝගය වැළඳුණු කාන්තාවක පසුගිය දා රත්නපුර මහ රෝහලේදී මියයාමත් සමග මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ අවධානය යොමු කර ඇතැයි රත්නපුර දිස්ත්‍රික සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ශ්‍රීනි අලහප්පෙරුම මහත්මිය කියා සිටී.

අදාළ කාන්තාව ශ්‍රී පාද වන්දනාවේ ගිය කාන්තාවකි.

උණ, වමනය, හිසරදය, පාචනය වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇති ලිස්ටීරියා නමැති රෝගී තත්ත්වය අපවිත්‍ර ආහාර මගින් බැක්ටීරියාවක් ශරීරගත වීමෙන් වැළඳෙන බව වෛද්‍යවරු පවසති.  

ඒ අනුව ශ්‍රීපාද මාර්ගයේ උඩ මළුව දක්වා මාර්ගවල වෙළඳ සැල් විශේෂ පරීක්ෂාවකට ලක් කර ආහාර සාම්පල ලබා ගැනීම ආරම්භ කළ බව ද ඇය ප්‍රකාශ කළා ය.

වෛද්‍ය ශ්‍රීනි අලහප්පෙරුම මහත්මිය අවධාරණය කළේ, මෙම රෝගය පිළිබඳ අනියත බියක් ඇතිකර නොගත යුතු බවයි.

Trending

Exit mobile version