පුවත්

සිවිල් ආරක්ෂක අධ්‍යක්ෂකට සේවා දිගුවක්

Published

on

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්ගේ සේවය දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

2013-09-14 දින සිට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට එයාර් වයිස් මාර්ෂල් ආර්. එස්. වියන්වල මහතා පත් කිරීම පිණිස අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දුන්නේය.

එම පත්වීමේ කාල සීමාව 2024-09-13 දිනෙන් අවසන් වී තිබුණි.

ඒ හේතුවෙන්, ඔහු 2024 -12-31 දින දක්වා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරේ තවදුරටක් සේවයේ යෙදවීම පිණිස ආරක්ෂක අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාදී තිබේ.

Trending

Exit mobile version