Connect with us

පුවත්

සිවිල් ආරක්ෂක බලකාය දිය වෙයි?

Published

on

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව යම් ආකාරයකින් ක්‍රියාත්මක වීමේ වැඩපිළිවෙළක් සකස්කරන ලෙස කෝපා කමිටුවේ සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා එම දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබේ.

රාජ්‍ය අමාත්‍ය ගරු ලසන්ත අලගියවන්න මහතා මෙම උපදෙස් ලබාදුන්නේ සිවිල් ආරක්ෂක  දෙපාර්තමේන්තුවේ 2019/2020/2021 වර්ෂවල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරීක්ෂාකිරීම සඳහා  රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව ඒ මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය 08දා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී ය.

එසේම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සම්බන්ධව රාජ්‍ය ප්‍රතිපත්යට ගැලපෙන ලෙස ඉදිරි කටයුතු කිරීම පිළිබඳව නීතිමය රාමුවක් සැකසීම සම්බන්ධයෙන් සැප්තැම්බර් 11 දිනට පෙර දින වකවානු සහිත වාර්තාවක් කෝපා කමිටුවට ලබාදෙන ලෙස ලසන්ත අලගියවන්න මහතා නිර්දේශ කළේය.

මෙහිදී පැමිණ සිටි නිලධාරීන් පෙන්වා දුන්නේ වසර තුනහමාරකින් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට බඳවාගැනීම් සිදු කර නැති බවත් සිවිල් ආරක්ෂක බලකාය ක්ෂයවීමේ හමුදාවක් ලෙස මේ වන විට නම් කොට ඇති බවත්ය. එසේම සිවිල් ආරක්ෂක බලකාය සතුව මේ වන විට 33,687 ක් සේවය කරන බවද පැමිණ සිටි නිලධාරීහු පෙන්වා දුන් අතර එම පිරිස අනුයුක්ත කොට ඇති ස්ථාන සහ සේවාවන් පිළිබඳවද සඳහන් කළේය.

එසේම මෙහිදී ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කමල් ගුණරත්න මහතා විසින් මෙම බලකාය පිහිටුවීම පිළිබඳව සහ එහි කටයුතු සිදුවූ ආකාරය පිළිබඳව පැහැදිලි කිරීම සිදු කළේය. 

තවද අවශ්‍යතාව ඉක්මවා සිදු කළ මිලදීගැනීම් පිළිබඳව, මෙම දෙපාර්තමේන්තුව විසින් සිදු කළ ව්‍යාපෘති පිළිබඳව සහ  මෙම බලකාය විසින් වගාකළ ධාන්‍ය, අස්වැන්න විකිණීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කළේය.

පුවත්

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

Published

on

By

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.

88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.

ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක්වුණි.

Continue Reading

පුවත්

නොරොච්චෝලේ නවතා තිබූ ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මකයි

Published

on

By

අවුරුදු උත්සව සමයේ පැවති අඩු ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (21) උදෑසන 11ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

වර්තමානයේ පවතින ඉහළ බල ඉල්ලුමට අනුගතව ඒකක තුනම ක්‍රියාත්මක වෙමින් පවතින බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා මේ බව දැනුම් දී ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාවේ වෙනසක්

Published

on

By

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාව සංශෝධනය කර ඇති බව ශ්‍රී දළදා මාලිගාව මහජනතාව වෙත නිවේදනය ක‍රයි.

එම කාලවේලාව පැයකින් දීර්ඝ කර ඇති අතර සංශෝධිත නව කාල සීමාව වන්නේ පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා ය.

දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබීම මෙම කාල දිගුවට හේතුවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved