සිවිල් ඇඳුමින් සැරසී පොලිස් නිලධාරීන් බව පවසා පුද්ගලයන් හෝ දේපළ පරික්ෂාවක් සිදුකරන අවස්ථාවලදී ඔවුන්ගේ නිල හැඳුනුම්පත මගින් අනන්‍යතාවය තහවුරු කරගැනීමට මහජනතාවට අයිතියක් ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
එමගින් මෙවැනි අපරාධ වැළැක්වීමට හැකියාවක් ඇතැයි පොලිස් මූලස්ථානය පෙන්වා දෙයි.
මරදාන පොලිස් වසමේ කැටවමුල්ල හන්දියේදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු පොලිස් නිලධාරීන් බව පවසමින් රුපියල් ලක්ෂ දෙකකට ආසන්න වටිනාකමකින් යුත් ජංගම දුරකථනයක් හා මුදල් පසුම්බියක් කොල්ලකා පලාගොස් තිබිණි.
එම දේපළ අවශ්‍ය නම් රුපියල් තිස්පන්දාහක් රැගෙන මරදාන පොලිස් ස්ථානයට පැමිණෙන ලෙස දන්වා ඔවුන් පිටව ගොස් ඇත.
මේ සම්බන්ධ පැමිණිල්ල ලැබීමෙන් පසු මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී පොලිස් වෙසින් පැමිණ කොල්ලකෑවේ ඔහු බව හෙළි වී ඇත.
සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී කොල්ලකන ලද දුරකථන හා යතුරුපැදිය පොලිස් භාරයට ගෙන තිබිණ.