පුවත්

සිවිල් ගුවන් සේවා අධිකාරියට කෝටි 24ක පොල්ලක්!

Published

on

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් සිවිල් ගුවන් සේවා අධිකාරියට ලැබිය යුතු එකතු කළ අගය මත බදු( ආදාන බදු) රුපියල් කෝටි විසි හතරකට වැඩි මුදලක් අය කරගෙන නැතැයි විගණන වාර්තාවක සඳහන් වේ.

මේ සම්බන්ධයෙන් අධිකාරිය දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා කිහිපයක් පවත්වා ඇතත් අවසන් තීරණයක් ගෙන නොමැති බව පවසන විගණන අංශ එම මුදල අය කර ගැනීමේ හැකියාව සැක සහිත බවද ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් මූල්‍ය ප්‍රකාශනවල කිසිදු ප්‍රතිපාදනයක් ලබාදී නැතැයි ද වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

මේ අතර සිවිල් ගුවන් සේවා අධිකාරියේ අයහපත් මූල්‍ය තත්වය සැලකිල්ලට නොගෙන අධ්‍යක්ෂ මණ්ඩලයේ තීරණයක් අනුව 2016 වසරේ සිට 2020 දක්වා හිඟ ප්‍රවාහන දීමනා ලෙස රුපියල් කෝටියකට ආසන්න මුදලක් ගෙවා තිබුණු බව විගණන අංශ පෙන්වා දෙයි.

අධිකාරියේ මෙම අයහපත් මූල්‍ය තත්වය ඇති වී තිබුණේ කොවිඩ් වසංගතය හේතුවෙන් බවද විගණන කාර්යාලය පවසයි.

මෙම තොරතුරු සඳහන් ව ඇත්තේ ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ 2020 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.

Trending

Exit mobile version