පුවත්

සිවිල් නඩු විධාන සංග්‍රහයේ සංශෝධන පාර්ලිමේන්තුවට!

Published

on

සිවිල් නඩු විධාන සංග්‍රහය සඳහා වූ සංශෝධන පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා 2022-10-10 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ.

ඉන් අනතුරුව, අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ සිවිල් නීති ප්‍රතිසංස්කරණ අනුකමිටුව විසින් එකී පනත් කෙටුම්පත සඳහා සිදු කළ යුතු තවත් සංශෝධන කිහිපයක් හඳුනාගනු ලැබ ඇත. එකී සංශෝධනයන්ද ඇතුළත් කරමින් නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති අවසන් පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ නිෂ්කාශනය ලැබී තිබේ.

ඒ අනුව, එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව, පාර්ලිමේන්තුවේ අනුමැතිය පිණිස ඉදිරිපත් කිරීමටත්, අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Trending

Exit mobile version