Connect with us

පුවත්

නවකවදය දුන් සබරගමුවේ 7කට ඇප (Update)

Published

on

සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුවියකට නවක වධය දීමේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිසුන් සත්දෙනා ඇප මත මුදාහැර තිබේ.

අද (29) බලංගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට සැකකරුවන් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන්ව රු. ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත නිදහස කර ඇත.

සිදුවීම සම්බන්ධයෙන් සිසුන් 06 දෙනෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබුණු අතර, අද පෙරවරුවේදී සිද්ධිය සම්බන්ධයෙන් සිසුවියක් පොලිසියට භාරවී තිබේ.

———————-

සිසුවියකට නවකවදය දී කරදර කළ සරසවි සිසුන් 6ක් අත්අඩංගුවට

සබරගමුව විශ්වවිද්‍යාල සිසුවියකට නවක වධය ලබාදීමක් සම්බන්ධයෙන් එම විශ්වවිද්‍යාලයේ 04 වන වසරේ සිසුන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 14 වැනිදා 1997 දුරකථන මධ්‍යස්ථානය වෙත ලද පැමිණිලක් මත සමනලවැව පොලිස් ස්ථානය විසින් විමර්ශනයක් සිදුකර එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

එම සැකකාර සිසුන් සබරගමුව විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා භාෂා අධ්‍යාපන පීඨයේ සිසුන් පිරිසක් බව පොලීසිය පවසයි.

ඔවුන් ඊයේ (28) සමනලවැව පොලිස් ස්ථානයට පැමිණිමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සිසුන් අවුරුදු 23, 24 සහ 25 වයස්වල පසුවන මොරවක, රුක්ගහවිල, අළුත්තරම, ඉමදුව හා කිතලව ප්‍රදේශයවල පදිංචිකරුවන් බව පොලීසිය සඳහන් කරයි.

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved