පුවත්

සිසු සැරියේ මුලු බර රජයට දරන්න අමාරුයි – බන්දුල

Published

on

සිසුසැරිය පාසල් බස් සේවාව සඳහා වැය වන සම්පූර්ණ වියදම රජයට දැරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

 අද (30) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමින් අමාත්‍යවරයා පැවසුවේ රට තුළ පවතින මුල්‍යම අපහසුතා හේතුවෙන් මේ සඳහා යම් අයකිරීමක් සිදුකිරීමට සිදුවන බවය.

ඒ අනුව, සිසුසැරිය බස්රථ සේවාව සැපයීමේ දී අදාළ ගාස්තුවෙන් 70%ක් රජයෙන් ලබා දීමටත් ඉතිරි 30%ක අගය දෙමාපියන්ගෙන් අයකර ගැනීමට සිදුවන බව එතුමා පැහැදිලි කළේය.

එම ගෙවීම හෝ සිදුකර ගැනීමට නොහැකි, දිළිඳු සහනාධාර ලබන පවුල්වල දරුවන් සඳහා කිසිදු අයකිරීමකින් තොරව එම සේවාව ලබාදීමට තීරණය කර ඇති බවත් අනෙක් දරුවන්ගෙන්  30% ක් හෝ අයකර ගැනීමට නොහැකි වුවහොත් සිදුවන්නේ එම සේවාව සම්පූර්ණයෙන්ම නවතා දැමීමට බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය

Trending

Exit mobile version