පුවත්

සීනි පාලන මිල හෙට අනිද්දා කුණු බක්කියේ?

Published

on

දැනට රජය සීනිවලට පනවා ඇති උපරිම සිල්ලර මිල තව දින දෙක තුනකින් පසු ඉවත් කිරීමට සිදුවන බව සීනි ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති පැරකුම් අබේසේකර මහතා කියයි.

සීනි කිලෝවකට පනවා තිබූ ශත 25ක ආනයන බද්ද පසුගිය 01දා මධ්‍යම රාත්‍රියේ සිට රජය මගින් රුපියල් 50 දක්වා ඉහළ නැංවූ අතර මිල ඉහළ යාම වළක්වාලීම සඳහා පසුගිය 3දා සිට උපරිම සිල්ලර මිලක් ද ප්‍රකාශයට පත් කෙරුණි. 

ඒ අනුව ඇසුරුම් නොකළ සුදු සීනි කිලෝවක මිල රුපියල් 275ක්ද, දුඹුරු සීනි කිලෝවක මිල රුපියල් 330ක්ද විය.

මේ අතර, දැනට වරායේ රඳවා තබාගෙන ඇති සීනි කන්ටේනර්වලට අලුත් ආනයන බද්ද ගෙවන්නට සිදුවන අතර ඒවා වෙළෙඳපොළට පැමිණි වහාම උපරිම මිල ඉවත් කර ගැනීමට රජයට සිදුවන බව සීනි ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති පැරකුම් අබේසේකර මහතා මාධ්‍ය වෙත පවසා තිබේ.

සීනි බද්ද ඉහළ නැංවූ ඇසිල්ලේ සිටම රුපියල් 260 – 270ට අලෙවි කළ සුදු සීනි කිලෝවක මිල රුපියල් 300 – 320 දක්වා ඉහළ නැග තිබුණි. 

උපරිම සිල්ලර මිල පැනවීමෙන් පසු තොග සහ සිල්ලර වෙළෙන්දන් සීනි තොග සැඟවීම නිසා මේ වන විට රට තුළ සීනි හිඟයක් නිර්මාණය වී තිබේ. 

වෙළෙඳුන් බලාපොරොත්තු වන්නේ තමන් අත ඇති තොග සඟවා තබාගෙන නව මිලට සීනි අලෙවිය ආරම්භ කළ පසු වැඩි මිලට අලෙවි කිරීමට බව වෙළඳපල ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

Trending

Exit mobile version