පුවත්

සීනි බදු වංචාව ගැන CID පරීක්ෂණය අවසන්!

Published

on

සීනි බදු වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ නිමකර ඒ පිළිබඳ ලිපි ගොනු නීතිපතිවරයාට යොමු කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී අද (24) පැවසීය.

ඊට අදාළ පිළිතුරුද මේ වනවිට ලැබී ඇතැයි සියඔලාපිටිය මහතා පැවසීය.

ඔවුන් එම ලිපිගොනු නීතිපතිවරයාට යොමු කර ඇත්තේ නඩු දැමීම සඳහා උපදෙස් ලබා ගැනීමට බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ආයතන 12ක් සම්බන්ධයෙන් වෝහාරික විගණනයක් කර ඇති බවත් එමගින් ආයතන 6කින් ඔවුන් ලැබූ ලාබයෙන් රුපියල් කෝටි 31ක් අයකර ගෙන ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා හෙළිකළේය.

ඔහු මෙසේ පවසා තිබුණේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සීනි බදු වංචාව සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

Trending

Exit mobile version