පුවත්

සීමා නිර්ණ අතුරු වාර්තාව අඟහරුවාදා අගමැති අතට!

Published

on

සීමා නිර්ණ අතුරු වාර්තාව අඟහරුවාදා අගමැති අතට!පළාත් පාලන මැතිවරණ සීමා නිර්ණ ජාතික කමිටුව සකස් කරන ලද අතුරු වාර්තාව, ලබන අඟහරුවාදා  අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත භාර දෙන බව සීමානිර්ණ ජාතික කමිටුවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කියයි.

සිය කමිටුව දිස්ත්‍රික් මට්ටමින් ලබා ගත් යෝජනා, විවිධ පාර්ශ්ව ඉදිරිපත් කළ යෝජනා සහ සිය කමිටුවේ යෝජනා සමාලෝචනය අවසන්කර දිස්ත්‍රික් මට්ටමේ සීමා නිර්ණ කටයුතු සිතියම් ගත කිරීම් ද, මේ වන විට සිදුකරමින් ඇති බව ඒ මහතා වැඩිදුරටත් කියා සිටී.

දිස්ත්‍රික්කවල ගමන් කරමින් සිය වාර්තාව සඳහා අවශ්‍ය අවසන් යෝජනාව ලබා ගෙන ඇතැයි ද දේශප්‍රිය මහතා පවසයි.

මාර්තු මස 31ට ආසන්න දිනකදී සිය අවසන් වාර්තාව භාර දීමට අපේක්ෂා කරන බව ද මහින්ද දේශප්‍රිය මහතා මාධ්‍ය වෙත පවසා ඇත.

Trending

Exit mobile version