පුවත්

“සුගත්ට දුවන්න පුලුවන් උනාට මාව පෙරලන්න බැහැ”

Published

on

පොහොසත් රටක් හැදීමට IMF තුන්වන වාරිකය ද ලබාගැනීමට යන බවත්, 2027 සිට 2043 දක්වා අප සියළු දෙනාටම එකතු වී ණය ගෙවීමට සිදුවන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ බදුලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් මහතා පවසයි.

එය එසේ වුවත් ඒ සඳහා තම සහයෝගය ලබාදෙන බවද චාමර සම්පත් මහතා කියා සිටියේය.

විපක්ෂය ලෙස තමන් පවසන දේ 1% ක් හෝ ඔළුවට දමාගෙන වැඩ කරන ලෙස පවසා සිටින බව ඊයේ (03) පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් ඔහු සඳහන් කලේය.

චාමර සම්පත් සෙංකෝලය රැගෙන යන විට පස්සෙන් දිවීම සඳහා සුගත් තිලකරත්න පාර්ලිමේන්තු එවු බවට ෆේස්බුක් සටහනක් තිබුණු බව පැවසු චාමර මහතා සුගත් මීටර 400 තත්පර 42 ක කාලයකින් දුවා ‘බෙන් ජොන්සන්’පැරදවූ බව දන්නා බව පැවසීය.

සුගත් තිලකරත්න ඔහුට දිවීමට හැකි නමුත්, තමා පෙරළා ගැනීමට ඔහුට නොහැකි බව චාමර සම්පත් මහතා පවසා සිටියේය.

Trending

Exit mobile version