Connect with us

පුවත්

සුජීගේ ගෝලයා මැරුවේ ගැහැණු ඇදුම් ඇදගෙන ඇවිත් ලු

Published

on

කොස්ගොඩ හිද්දරුව ප්‍රදේශයේ ඊයේ (21) අලුයම සිදුකළ ඝාතනයට වෙඩික්කරුවන් පැමිණි බවට සැක කෙරනෙ යතුරුපැදිය අද (22) පෙරවරුවේ සොයාගෙන තිබේ.

ඒ, කොස්ගොඩ සුදුවැල්ල ප්‍රදේශයේ පිහිටි කුරුඳු ඉඩමක තිබියදීය.

යතුරුපැදිය අසල තිබී කාන්තා ඇඳුම් කිහිපයක් ද පොලීසිය සොයාගෙන ඇති අතර පොලීසිය සැක කරන්නේ යතුරුපැදියේ පැමිණි වෙඩික්කරුවෙකු කාන්තාවක් ලෙස සැරසී පැමිණ ඇති බවටය.

අදාළ යතුරුපැදිය ඌරුබොක්ක ප්‍රදේශයෙන් සොරාගත් එකක් බවද පොලීසිය පවසයි..

මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රඳවාගෙන සිටින නදුන් චින්තක හෙවත් හරක් කටාගෙන් මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් පසුගියදා ප්‍රශ්න කර තිබුණි.

ඒ අනුව සිදුකළ විමර්ශනවලදී ඔහුගේ සමීපතමයෙකු බ්‍රවුනින් වර්ගයේ ගිනි අවියක් ද සමගින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු මිදිගම චූටි නැමැත්තාගේ හෙරොයින් ජාවාරම සිදුකරන පුද්ගලයෙකු බව පොලීසිය පවසයි.

මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රඳවාගෙන සිටින සළිඳු මල්ෂික හෙවත් කුඩු සළිඳුගේ සමීපතමයෙකුව ද එම කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

එම සැකකරු තවත් පිරිසක් සමග පොලිස් පරීක්ෂකවරයෙකුගේ නිවසක් කොල්ලකෑම හේතුවෙන් එලෙස අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.

අදාළ කොල්ලයට සම්බන්ධ තවත් සිව්දෙනෙකු මීට පෙර මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

මේ අතර බස්නාහිර පළාත සහ දකුණු පළාත තුළ සිදුවන මිනීමැරුම් සම්බන්ධයෙන් වහාම දැඩි ක්‍රියාමාර්ග ගන්නැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් පොලිස් ප්‍රධානීන්ට නියෝගකර තිබේ.

ඒ, පොලිස් ප්‍රධානීන් සමග ඊයේ පැවැති සාකච්ඡාවකදීය.

මිනීමරුවන් සම්බන්ධයෙන් නීතිය තදින් ක්‍රියාකරන ලෙස එහිදී පොලිස්පතිවරයාට නියෝගකර ඇති අමාත්‍යවරයා, එවැනි මෙහෙයුම්ව ලදී අනිසි බලපෑම් සිදුකිරීමට කිසිවෙකුට හෝ ඉඩ නොතබන බව අවධාරණය කර ඇත්තේ, ජනාධිපතිවරයාගෙන් ඒ සම්බන්ධයෙන් සහතිකයක් ලැබී ඇතැයි ද පවසමින්.

දකුණු පළාතේ හා බස්නාහිර පළාතේ මිනීමැරුම් හා අපරාධ වැඩි වීමට විශේෂයෙන්ම බලපා ඇත්තේ එම පළාත් දෙකෙහි සේවයකරන ඇතැම් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ හා පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ අකාර්යක්ෂමතාවය නිසා බව පොලිස්පතිවරයා මෙහිදී පෙන්වා දී තිබේ.

එහිදී අමාත්‍යවරයා පවසා ඇත්තේ එවැනි නිලධාරීන් වහාම ඉවත්කර සුදුසු නිලධාරීන් පත්කරන ලෙසය.

එමෙන්ම බලපත්‍රයක් නොමැති හෝ බලපත්‍ර අලුත් නොකරන ලද ගිනි අවි පොලීසියට භාරගැනීම සඳහා ජුලි 31 දිනය දක්වා පොදු සමා කාලයක් ප්‍රකාශ කරන ලෙස අමාත්‍යවරයා මෙහිදී දැනුම්දී තිබේ.

ගිනිඅවි භාරදීමේ පොදු සමා කාලය අවසන් වීමත් සමඟ පොලීසිය අනෙකුත් බුද්ධි අංශ සමග නීති විරෝධී ගිනිඅවි වැටලීම ආරම්භ කරන්නැයි ද අමාත්‍යවරයා දැනුම්දී ඇත.

මූලාශ්‍රය – අද දෙරණ

පුවත්

රත්මලානේ 4ක් පොලොන්නරුවේදී ගිලී මරුට

Published

on

By

පොළොන්නරුව, අරලගන්විල ප්‍රදේශයේ පහළ ඇල්ලේ වැවේ ගිලීමෙන් පුද්ගලයින් හතර දෙනෙකු මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, රත්මලාන ප්‍රදේශයේ සිට ඥාති නිවසකට පැමිණි පිරිසක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ, කාන්තාවන් තුන්දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකි.

Continue Reading

පුවත්

බන්ධනාගාර කොමසාරිස් අදත් CIDයට කැඳවලා

Published

on

By

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා දෙවැනි වරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ.

ඒ, ජනපති සමාව ලැබුණු බව පවසමින්, අනුරාධපුර බන්ධනාගාර රැඳවියෙකු නිදහස් කිරීම ගැන ප්‍රකාශයක් ගැනීමට බව පැවසේ. 

Continue Reading

ක්‍රීඩා

 තායිවාන විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියෙන් නදීෂාට රිදී පදක්කමක්! 

Published

on

By

තායිවාන විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (08) පස්වරුවේ පැවති කාන්තා හෙල්ල විසිකිරීම ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට නදීෂා ලේකම්ගේ සමත් වූවාය.

ඇය මීටර් 56.62ක දක්ෂතාවක් දැක්වීය.

මෙහි රන් පදක්කම ඉන්දියාවේ අන්නු රාණි විසින් දිනාගත් අතර, ඇය මීටර් 56.82ක දක්ෂතාවක් දැක්වූවාය.

මීට පෙර එම තරගාවලියේ මීටර් 100 ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ චමෝද් යෝධසිංහ සමත් විය.

ඔහු තත්පර 10.38ක කාලයක් වාර්තා කරමින් එම පදක්කමට හිමිකම් කීය.

මෙහි රන් පදක්කම දිනාගැනීමට ඔස්ට්‍රේලියාවේ ජිසෙෆ් අයෝඩේ සමත් වූ අතර, ඔහු සිය ඉසව්ව තත්පර 10.34කින් අවසන් කළේය.

එමෙන්ම තත්පර 10.36කින් තරගය අවසන් කළ ජපානයේ බෲනෝ ඩෙඩේ රිදී පදකක්ම දිනාගත්තේය.

ලෝක මලල ක්‍රීඩා ‘ලෝකඩ’ කාණ්ඩයේ ශූරතාවලියක් වන මෙය තායිපේ නගරයේ දී ඊයේ (07) ආරම්භ වූ අතර, එය අද (08) අවසන් විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved