කොස්ගොඩ හිද්දරුව ප්‍රදේශයේ දී අද (21) උදේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මරුමුවට පත්වී ඇතැයි කොස්ගොඩ පොලීසිය පවසයි.
මෙම වෙඩි තැබීමෙන් මිය ගොස් ඇත්තේ පාතාල නායක කොස්ගොඩ සුජී නමැත්තගේ සමීපතයකු වන කොස්ගොඩ රන් මහත්තයා නමැත්තාය.
ඔහු සිය නිවසේ සිටින විටදී යතුරු පැදියෙන් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු වෙඩි තබා පලා ගොස් ඇත.
මෙම වෙඩි තැබීමට හේතුව, පාතාල කණ්ඩායම් දෙකක් අතර විරසකයක් බවට පොලිසිය සැක පලකරන අතර රත්ගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්තීවරයාට වෙඩි තැබීමේ පලිය ගැනීමට මේ වෙඩි තැබීම සිදු කරන්නට ඇති බවට පොලීසිය සැක පලකරයි.
සිද්ධිය සම්බන්ධයෙන් කොස්ගොඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.