Connect with us

පුවත්

සුජීවගේ වාහනේ නිදහස් කරන්න උසාවි නියෝගයක්

Published

on

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබූ හිටපු රාජ්‍ය අමාත්‍ය සුජීව සේමසිංහ මහතාගේ V8 රථය නිදහස් කරන ලෙස නියෝගයක් නිකුත් කර තිබේ.

කොටුව මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය අද (25) නියෝග කළේ  රුපියල් මිලියන 100ක බැඳුම්කරයක් මත  අදාල රථය නිදහස් කරන ලෙසය.

එමෙන්ම වාහනය විකිණීම, වෙනස් කිරීම, අන්සතු කිරීම තහනම් කරමින්, දැනුම් දෙන අවස්ථා වලදී වාහනය අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරිය තවදුරටත් නියෝග කර තිබේ.

මෙම වාහනය එකලස් කරපු වාහනයක් බවට කිසිදු සාක්ෂියක් අධිකරණය හමුවේ ගොනුකර නොමැති අතර එයවාහනය රේගුවෙන් පැන්නූ වාහනයක් නොවන බව සුජීව සේනසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධීකරණය හමුවේ කියා සිටියහ.

ඔවුන් තවදුරටත් අධිකරණයට පවසා ඇත්තේ එය මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොකළ වාහනයක් නොවන  අතර රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තාවට අනුව අදාළ වාහනය කිසිදු එකලස් කිරීමක් සිදුකර නැති බවට ඔප්පු වී ඇති බවය.

ඒ අනුව, මෙම ප්‍රශ්නගත වාහනයට අදාළ සිද්ධිය සම්බන්දයෙන් මෙතෙක්  සිය සේවාදායකයා අධිකරණයට සහාය දැක්වූ අතර අදාළ වාහනය එහි ලියාපදිංචි අයිතිකරු වන සුජීව සේනසිංහ හට මුදාහරින ලෙස සුජීව සේනසිංහ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ වරුන් වන මෛත්‍රී ගුණරත්න, ෆර්හාන් කාසීම් ඇතුළු නීතිඥ මඩුල්ල අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය, රුපියල් මිලියන 100ක බැඳුම්කරයක් මහත අදාළ V8 රථය නිදහස් කරන ලෙස  නියෝග කර තිබේ.

හිටපු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතාට අයත් සුඛෝපභෝගී ජීප් රථය එකලස් කළ එකක් බවට ලද තොරතුරක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබුණි.

ඒ අනුව රථය වැඩිදුර විමර්ශන සඳහා රජයේ රසපරීක්ෂකවරයා වෙත යොමුකෙරුණි.

හිටපු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතාට අයත් ටොයෝටා ලෑන්ඩ් කෘෘසර් V8 වර්ගයේ සුඛෝපභෝගී ජීප් රථය නීතිවිරෝධීව එකලස් කළ එකක් බවට වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයට ලැබුණු තොරතුරක් මත මෙම පරීක්ෂණ ආරම්භ කිරීමට පියවර ගෙන තිබුණි.

කෙසේවෙතත්,මෙම තොරතුරු අනුව සේනසිංහ මහතාගේ නිවස පරීක්ෂා කෙරුණ ද සැකසහිත රථයක් එහිදී හමුවූයේ නැත.

පසුව ඒ පිළිබඳ විමර්ශන වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි අංශයට යොමුකර තිබේ.

අනතුරුව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ මෝසමක් ගොනුකරමින් විමර්ශන නිලධාරීන් සඳහන් කළේ, සේනසිංහ මහතාගේ නිවසේ එකලස් කරන ලද බවට පැවසෙන මෝටර් රථයක් ඇති බවට තොරතුරක් ලැබුණු බවය.

එම ජීප් රථය 2010දී මෙරටට ගෙන්වා 2022 වසරේදී ලියාපදිංචි කර ඇති බවත් විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ හෙළි කරන ලදී.

ඒ අනුව,  පසුගිය නොවැම්බර් 08 වෙනිදා සුජීව සේනසිංහ මහතාගේ කොල්ලුපිටිය නිවසට පැමිණි විමර්ශන නිලධාරීන් ප්‍රශ්නගත V8 රථය රැගෙන ගොස් තිබුණි.

පසුගිය 11 වෙනි දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ අදාළ ජීප් රථය අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව  භාරයට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසය.

පුවත්

හෙලිකොප්ටර්  අනතුරෙන් මියගිය ගණන 6ක් දක්වා ඉහළට (UPDATE)

Published

on

By

බෙල් 212 හෙලිකොප්ටර්  අනතුරෙන් මියගිය ගණන 6ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එහිදී ගුවන් හමුදා හෙලිකොප්ටර් භටයින් දෙදෙනෙකු සහ හමුදා විශේෂ බළකායේ භටයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා වෙයි.


(පෙර පුවත 2025 මැයි 09 පෙ.ව.11.26 )

බෙල් 212 අනතුරෙන් හමුදාවේ 5ක් මරුට

අද (09) උදෑසන හදිසි ගොඩබෑමකදී මාදුරුඔය ජලාශයට කඩාවැටුණු ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයේ සිටි හමුදා සාමාජිකයින් 5 දෙනෙකු මියගොස් තිබේ.

අදාළ හෙලිකොප්ටර් යානය මාදුරුඔය ජලාශයට කඩාවැටීමෙන් අනතුරු එහි ගමන්ගත් සියලුදෙනා බේරාගෙන රෝහල්ගත කර තිබුණි.

එහිදී ගුවන් හමුදා හෙලිකොප්ටර් භටයින් දෙදෙනෙකු සහ හමුදා විශේෂ බළකායේ භටයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා වෙයි.

මාදුරුඔය පීරා බෙල් 212 සොයන මෙහෙයුම… #Accident1st #bell212 #Helicopter #crashe #MaduruOya

Posted by Accident 1st on Thursday, May 8, 2025

(වීඩියෝ :Accident 1st)


(පෙර පුවත 2025 මැයි 09 පෙ.ව.10.10 )

හෙලිකොප්ටරයේ සිටි 12දෙනා බේරාගනී

මාදුරුඔය ජලාශයට කඩා වැටුණ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයේ ගමන්කල සියලු දෙනා බේරාගෙන තිබේ.

ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කැප්ටන් එරන්ද ගීගනගේ මහතා සඳහන් කළේ, හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ සිට මාඳුරු ඔය ප්‍රදේශයේ සංදර්ශනයකට  පියසාර කරමින් සිටියදී එය කඩා වැටී ඇති බවය.

එහි ගුවන් නියමුවන් දෙදෙනා ඇතුළු පුද්ගලයින් 12 දෙනෙකු ගමන් කර තිබූ අතර ඔවුන් සියලුදෙනාම බේරාගත් බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පැවසීය. 


(පෙර පුවත 2025 මැයි 09 පෙ.ව.9.12 )

හෙලිකොප්ටර් යානයක් කඩා වැටේ

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් කඩාවැටී ඇති බව වාර්තා වේ.

හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ පුහුණු සැසියක් අතරතුර ගුවන් ගත වූ යානයක් මෙසේ කඩා වැටී ඇත.

එම යානය මාදුරුඔය ජලාශයට කඩා වැටී ඇති බවද තවදුරටත් වාර්තා වෙයි.

Continue Reading

පුවත්

කොළඹ වරායේ ප්‍රති නැව්ගත කිරීම් ඉහළට

Published

on

By

ඉන්දු පාකිස්ථාන යුධ තත්වය හේතුවෙන් කොළඹ වරාය කාර්යබහුල වී තිබේ.

වරයා හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය රුවන් කොඩිතුවක්කු මහතා සඳහන් කළේ , ඒ සඳහා උපරිම කාර්යක්ෂමතායෙන් යුතුව මුහුණ දීමට පියවර ගෙන ඇති බවය.

යුධමය වාතාවරණයත් සමග ඉන්දීය නෞකා පකිස්ථානය වෙත යාමත් පාකිස්ථාන නෞකාව ඉන්දියාව වෙත යාමත් අත්හිටුවා තිබේ.

නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, ඒ සමගම ප්‍රති නැව්ගත කිරීම් ඉහළ ගොස් ඇති බවයි.

Continue Reading

පුවත්

දීර්ඝ සතිඅන්තය සහ වෙසක් වෙනුවෙන් විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක්

Published

on

By

සතිඅන්ත දීර්ඝ නිවාඩුව සහ රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් අද (09) සිට විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක් ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

කොළඔ කොටුව සහ බදුල්ල අතර මෙන්ම කොළඔ කොටුව සහ කන්කසන්තුරේ අතර මෙම විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක වන බව දුම්රිය දෙපාර්තමෙන්තුව සඳහන් කළේය.

ඒ අනුව අද සිට ලබන 13වනදා දක්වා මෙම විශේෂ දුම්රිය සේවය ක්‍රියාත්මක වෙයි.

වැඩි විස්තර පහතින්,

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved