හිටපු රාජ්‍ය අමාත්‍ය නීතීඥ සුජීව සේනසිංහ මහතාට අයත් මහනුවර පිහිටි හන්තාන නිවාස යෝජනා ක්‍රමයේ ඇති නිවසක් හොරු බිඳ රුපියල් ලක්ෂ 5 ට ආසන්න මුදල් හා භාණ්ඩ සොරාගෙන ගොස් ඇති බව මහනුවර පොලීසිය පවසයි.
ඒ මහතා විසින් පොලිසියට කළ පැමිණිල්ලක සඳහන් වන්නේ සොරාගත් භාණ්ඩ අතර රන් භාන්ඩ, මුදල් සහ මෝටර් රථ බැටරියක් වන බවයි.
නිවසේ සේවකයන් වශයෙන් සිටි දෙදෙනකු විසින් මෙම භාණ්ඩ සොරාගෙන ගොස් ඇති බවට සැකකරන බව ඒ මහතා ඊයේ (11) පොලිසියට කියා සිටියේය.
සිද්ධියේ සැකකරුවන් මෙතක් හදුනාගෙන නොමැති අතර මහනුවර පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.