Connect with us

පුවත්

සුජීව සේනසිංහ වන්දි ඉල්ලයි

Published

on

නීති විරෝධී ලෙස එකලස් කරන ලද වාහනයක් සන්තකයේ තබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තම නිවස පරීක්ෂා කිරීම තුළින් පොලීසිය සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය සුජීව සේනසිංහ මහතා විසින් ඉදිරිපත් කළ  මූලික අයිතිවාසිකම් පෙත්සමක් කරුණු තහවුරු කිරීම සඳහා පෙබරවාරි මස 15 වනදා  කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

මෙම පෙත්සම අද (13) අර්ජුන ඔබේසේකර සහ අචල වෙංගප්පුලි යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ  විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය. 

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිසක් නම් කර තිබුණි.

පෙත්සම්කාර සුජීව සේනසිංහ මහතා පවසන්නේ නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද වාහනයක් සන්තකයේ තබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය විසින් තම නිවස පරීක්ෂා කර  තමන්ගේ ප්‍රශ්න කළ බවයි.

පසුව සිදුකළ විමර්ශනවලදී එවැනි වාහනයක් පිළිබඳ තොරතුරු අනාවරණය නොවූ  බවත් ඔහු පෙන්වා දෙයි.

මේ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් ඒ වෙනුවෙන් සුදුසු වන්දියක් ලබාදෙන ලෙසත් නියෝගයක් නිකුත් කරන ලෙස ඔහු සිය පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

පුවත්

ලිට්‍රෝ සේවක වර්ජනක්

Published

on

By

මුතුරාජවෙල ලිට්‍රෝ ගෑස් පර්යන්තයේ 250කට ආසන්න මෑන්පවර් කම්කරුවන් පිරිසක් වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.

ඒ වසර ගණනාවක් පුරා තම වැටුප් ඉහළ නොදැමූ බවටත්, රජය විසින් නියම කළ අවම වැටුප හෝ ලබා නොදුන් බවටත් චෝදනා කරමිනි.

රජය විසින් නියම කළ වැටුප ලබාදෙන බවට ලිඛිත පොරොන්දුවක් දෙනතෙක් තමන් වැඩවර්ජනය අවසන් නොකරන බව එම සේවකයින් පවසයි.

Continue Reading

පුවත්

මන්ත්‍රී අර්ච්චුනාගේ මන්ත්‍රී ධූරය බලරහිත කරන්නැයි ඉල්ලූ පෙත්සම සලකා බලන්න දින දෙයි

Published

on

By

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම තහවුරු කිරීම සඳහා ජුනි මස 26 වන දා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

මෙම පෙත්සම අද (14) මායාදුන්නේ කොරයා සහ මහේන් ගොපල්ලව යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවන ලදී.

විනිසුරු මඩුල්ල නියෝග කළේ අදාළ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ජුනි මස 26 වනදා කැඳවන ලෙසය.

සමාජ ක්‍රියාකාරිකයකු වන ඕෂල හේරත් මහතා විසින් මේ පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

Continue Reading

පුවත්

“නිස්කෝ” එක්ක අපේ සම්බන්ධයක් නැහැ – තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය

Published

on

By

සී/ස ජාතික තරුණ සේවා සමූපකාරය හෙවත් නිස්කෝ (NYSCO) ආයතනයේ පාඨමාලා හා වැඩසටහන් සඳහා අනුමැතියෙන් තොරව අමාත්‍යංශ නාමය භාවිතා කිරීම සම්බන්ධයෙන් තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

නිස්කෝ ආයතනය මඟින් පවත්වන පාඨමාලා වැඩසටහන් ප්‍රවර්ධනය හා ඒවාට අදාළව නිකුත් කරන සහතික පත්‍ර සඳහා තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යංශ නාමය මෙන්ම රාජ්‍ය ලාංඡනය භාවිතා කිරීම් සිදුකරන බව නිරීක්ෂණය වී ඇත.

මෙම නාමය හා රාජ්‍ය ලාංඡන යොදා ගැනීම නිසි අනුමැතියකින් තොරව සිදුවන අතර මේ පිළිබඳ විමර්ශනය වෙනුවෙන් තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යංශය විසින් කමිටුවක් ද පත් කර තිබේ.

අදාළ නිවේදනය ඔස්සේ අමාත්‍යංශය විසින් වැඩිදුරටත් දන්වා සිටින්නේ නිස්කෝ ආයතනය සිය අමාත්‍යංශ නාමය හා රාජ්‍ය ලාංඡනය යොදා ගනිමින් සිදුකරනු ලබන මෙම පාඨමාලා/ වැඩසටහන් හා ප්‍රවර්ධන සඳහා තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යංශයේ කිසිදු සම්බන්ධයක් නොමැති බවය.

එම සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved