පුවත්

සුදත් චන්ද්‍රසේකර ඉල්ලා අස්වෙයි!

Published

on

සුදත් චන්ද්‍රෙස්කර මහතා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශයේ ජ්‍යේෂ්ඨ උපදේශක ධූරයෙන් සහ ජාතික ක්‍රීඩා සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඊට අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය අද (08) භාර දුන් බව ඒ මහතාගෙන් ශ්‍රී ලංකා මිරර් කළ විමසීමකදී කියා සිටියේය.

ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරනු ලබන හිටපු ටෙස්ට් නායක අර්ජුන රණතුංග මහතාගේ ක්‍රියා කලාපයන් සම්බන්ධයෙන් තමා කළ කිරී සිටින බවත්, අමාත්‍යවරයා ඔහුගේ අනිසි කටයුතු සදහා සහය දක්වන බැවින් එයට එකග විය නොහැකි බැවින් මේ තීන්දුව ගත් බවද ඔහු කීය.

යහපත් මානසික තත්ත්වයෙන් යුතුව රාජකාරී කිරීමට තරම් සුදුසු වාතාවරණයක් නොමැති බැවින් ඉල්ලා අස්වන බව ඔහු ක්‍රීඩා අමාත්‍යවරයාට යොමු කළ ලිපියේ සදහන් කර ඇත.

Trending

Exit mobile version