පුවත්

සුදු වෑන් රථයකින් පැමිණ පැහැරගැනීමක්

Published

on

සුදු වෑන් රථයකින් පැමිණි කළු පැහැති ඇඳුම් ඇඳගත් පිරිසක් තරුණයෙකු පැහැරගෙන ගොස් ඇති බවට ලද පැමිණිල්ලක් මත පරීක්ෂණ සිදුකරන බව කළුතර දකුණ පොලීසිය පවසයි.

පොලිසිය සඳහන් කලේ මෙසේ පැහැර ගෙන ගොස් ඇත්තේ කළුතර හීනටියංගල ප්‍රදේශයේ 24 හැවිරිදි තරුණයෙකු බවය.

පැහැරගෙන ගොස් ඇති තරුණයාගේ මව විසින් කරා ලද පැමිණිල්ලක් අනුව මෙසේ පරීක්ෂණ ආරම්භ කර ඇත.

සැකකරුවන් සුදු පැහැති වෑන් රථයකින් පැමිණ හීනටියංගල දේවස්ථානය ආසන්නයේ දී එම තරුණයා ට පහරදී ඔහුව පැහැරගෙන ගොස් ඇති බවට මෙතෙක් කල පරීක්ෂණවලදී හඳුනාගෙන ඇති බව පොලීසිය පවසයි.

සැකකරුවන් හඳුනාගෙන ඇති බවත් ඔවුන් ප්‍රදේශය හැරගොස් සිටින බවත් ඔවුන්ව කඩිනමින් අත්අඩංගුවට ගැනීමට ක්‍රියාකරන බවත් පොලිසිය පවසා තිබේ..

Trending

Exit mobile version