පුවත්

සුධර්මාගේ ගෙදර සොරකමේ සැකකාර මෙහෙකාරිය පොලිසිය තුළ රෝගී වී මරුට

Published

on

කොළඹ සුප්‍රකට සලාකා සෙන්කඩ සමූහ ව්‍යාපාරයේ හිමිකරු ගාමිණී නෙත්තිකුමාර මහතාගේ හිටපු බිරිය වන ටෙලි නාට්‍ය නිෂ්පාදිකා සුදර්මා නෙත්තිකුමාර මහත්මියගේ නිවසේ සිදුවූ සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම නිවසේ මෙහෙකාරිය වැලිකඩ පොලිස් ස්ථානය තුළ දී හදිසියේම රෝගී වී රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ බදුල්ල නාවල වත්ත දෙමෝදර පදිංචිකාරියක් වන ආර්. රාජ් කුමාරි නමැති 42 හැවිරිදි කාන්තාවකි.

රාජගිරිය රෝයල් ගාර්ඩ්න් හී පදිංචිව සිටින ව්‍යාපාරික කතක් ලෙසත් ප්‍රසිද්ධ චරිතයක් වන චිත්‍රපට හා ටෙලි නාට්‍ය නිෂ්පාදිකාව විසින් සිය නිවසේ සිදුවූ බව කියන හොරකමක් ගැන වැලිකඩ පොලිසියට පසුගිය 11 වෙනිදා පැමිණිලිකර ඇත්තේ සිය නිවසේ මෙහෙකාරිය විසින් නි‍වසේ තිබුණු රන් භාණ්ඩ ඇතුළු දේපොළ සොරකම් කර ඇති බවය.

පොලිසිය මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් ක්ෂණිකව ක්‍රියාත්මක වෙමින් බොරැල්ල කොටා පාරේ නිවසක ඒ වන විට මෙහෙකාර සේවයේ නිරතව සිටි මෙහෙකාරිය අත්අඩංගුවට ගෙන තිබේ.

ඇයව පොලිස් ස්ථානයට රැගෙන ගොස් රඳවාගෙන දීර්ඝ ලෙස ඇගෙන් ප්‍රශ්න කර ඇති බවත් එහි දී ඇය හුස්ම ගැනීමේ අපහසුතාවයකට පත්ව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවත් පොලිස් තොරතුරු අනාවරණය කළේය.

මේ සම්බන්ධයෙන් වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් තොරතුරු විමසා සිටියත් ඔහු වෙනත් සිදුවීම් සම්බන්ධයෙන් තොරතුරු මාධ්‍යයට විමසන සැණින් ලබාදුන්නද මෙම සිදුවීම ගැන කිසිදු තොරතුරක් ලබා නොදී මගහැරි බව රජයේ “දිනමිණ” පුවත්පත වාර්තා කර තිබේ.

කෙසේවුවද, ගාමිණී නෙත්තිකුමාර හා සුධර්මා නෙත්තිකුමාරගේ පුත්‍රයා වන 31 හැවිරිදි රයන් නෙත්තිකුමාර ද මීට වසර

මීට වසර දෙකකට පෙර කොල්ලුපිටියේ පිහිටි ඩර්ඩන්ස් රෝහලේ දසවැනි මහලින් පැන සිය දිවි හානි කරගෙන තිබිණි.

ගාමිණී හා  සුධර්මා ඒ් වන විටද විවාහයෙන් වෙන්වී සිටි අතර මියගිය රයන් සිටියේ පියා සමගින් බව වාර්තා විය.

Trending

Exit mobile version