Connect with us

පුවත්

සුනාමියට අදට වසර 20ක්; අපි විනාඩි 2ක් නිශ්ශබ්ද වෙමු!

Published

on

වටිනා මිනිස් ජීවිත 35,000කට අධික සංඛ්‍යාවක් තත්පර කිහිපයකදී අහිමි කළ මහා සුනාමි ඛේදවාචකය සිදුව අදට (26) වසර විස්සක් සපිරේ.

දිනය 2004 දෙසැම්බර් 26 වැනි දා වේලාව උදෑසන 6 යි විනාඩි 58ට උතුරු සුමාත්‍රා දූපත් සමීපයේ ගැඹුරු මුහුදේ මැග්නිටියුඩ් 9.1ක ප්‍රබල භූ කම්පාවක් සිදු විය.

නත්තලට පසු ඉරිදා දිනයේ විවේකීව ගතකළ කිසිවෙකුත් නොදැන සිටි මහා ව්‍යසනයක ආරම්භය එයයි.

විනාඩි කිහිපයකින් ත්‍රිකුණාමලයෙන් මුහුද ගොඩගලන බවට තොරතුරු ලැබුණි.

භූමිකම්පාවෙන් පැය දෙකකට පසුව හරියටම උදේ 9 යි 26 ට පැයට කිලෝමීටර් 800ක වේගයෙන් පැමිණි මුහුදු රළ අපේ රටේ වෙරළ තීරයෙන් රට ඇතුළු විය.

මිනිස් ඉතිහාසයේ අප අත්දුටු දැවැන්තම ස්වාභාවික ව්‍යසනය ආසියානු කලාපයේ රටවල් 14ක ජීවිත දෙලක්ෂ විසි හත්දහස් අටසිය අනූ අටක් අහිමි කළේ තත්පර කිහිපයකිනි.

අපේ රටෙත් ජීවිත 35,000ක් පමණ සුනාමියෙන් අහිමි විය.

පැරෑලියේ දුම්රියේ පමණක් අහිමි වූ ජීවිත ගණන 1270 කි.

තවත් 141 දෙනෙකුට සිදු වූයේ කුමක්දැයි අදටත් කිසිවෙකු දන්නේ නැත.

මේ අය සිහි කිරීම පෙරදැරිව ආරම්භ කළ ජාතික සුරක්ෂිත දින සැමරුම් උත්සවය අද (26) පෙරවරු 9ට ආරක්ෂක අමාත්‍යාංශ ආපදා කළමනාකරණ අංශයේදී පැවැත්වේ.

ආරක්ෂක නියෝජ්‍ය ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක ලේකම්වරයාගේ සහභාගිත්වයෙන් මෙය පැවැත්වෙන අතර දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ ප්‍රධානත්වයෙන් දිවයින පුරා දිස්ත්‍රික් මට්ටමින් ‘ජාතික සුරක්ෂිත දිනය’ සැමරුම් උත්සව පැවැත්වීමට ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු සංවිධාන කර තිබේ.

එමෙන්ම අද (26) පෙ.ව. 9.25 සිට පෙ.ව. 9.27 දක්වා රට පුරා විනාඩි දෙකක නිශ්ශබ්දතාව ආරක්ෂා කරමින් සුනාමි ව්‍යසනයෙන් හා විවිධ ආපදාවලින් මියගිය ශ්‍රී ලාංකිකයන් සිහිපත් කිරීමට එක්වන්නැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සියලු ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියි.

පුවත්

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

Published

on

By

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.

88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.

ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක්වුණි.

Continue Reading

පුවත්

නොරොච්චෝලේ නවතා තිබූ ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මකයි

Published

on

By

අවුරුදු උත්සව සමයේ පැවති අඩු ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (21) උදෑසන 11ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

වර්තමානයේ පවතින ඉහළ බල ඉල්ලුමට අනුගතව ඒකක තුනම ක්‍රියාත්මක වෙමින් පවතින බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා මේ බව දැනුම් දී ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාවේ වෙනසක්

Published

on

By

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාව සංශෝධනය කර ඇති බව ශ්‍රී දළදා මාලිගාව මහජනතාව වෙත නිවේදනය ක‍රයි.

එම කාලවේලාව පැයකින් දීර්ඝ කර ඇති අතර සංශෝධිත නව කාල සීමාව වන්නේ පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා ය.

දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබීම මෙම කාල දිගුවට හේතුවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved