Connect with us

පුවත්

සුනාමිය ඇවිත් වසර 19යි; ආරක්ෂාවට යෙදූ කුළුණු 77න් 57ක් වැඩ නෑ

Published

on

2004 දෙසැම්බර් 26 වැනිදා සිදු වු සුනාමි ව්‍යවසනයට අදට (26) වසර 19ක් සපිරේ.

එම ව්‍යසනයෙන් පසුව වෙරළබඩ ප්‍රදේශවල ඉදිකර ඇති සුනාමි අනතුරු ඇඟවීමේ කුළුණු 77න් 57ක් මේ වන විට ක්‍රියා විරහිතව පවතින බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනය සඳහන් කර තිබේ. 

2004 සුනාමියෙන් පසු කොළඹ දිස්ත්‍රික්කයේ කුළුණු 02ක් ද, ගම්පහ දිස්ත්‍රික්කයේ කුළුණු 05ක් ද, කළුතර දිස්ත්‍රික්කයේ කුළුණු 06ක් ද, ගාල්ල දිස්ත්‍රික්කයේ කුළුණු 08ක් ද, මාතර දිස්ත්‍රික්කයේ කුළුණු 07ක් ද, හම්බන්තොට දිස්ත්‍රික්කයේ කුළුණු 09ක් ද, පුත්තලම දිස්ත්‍රික්කයේ කුළුණු 04ක් ද, අම්පාර දිස්ත්‍රික්කයේ කුළුණු 08ක්ද, මඩකලපු දිස්ත්‍රික්කයේ කුළුණු 07ක්ද, ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ කුළුණු 07ක්ද, මන්නාරම දිස්ත්‍රික්කයේ කුළුණු 03ක්ද, මුලතිව් දිස්ත්‍රික්කයේ කුළුණු 06ක්ද යාපනය දිස්ත්‍රික්කයේ 05ක්ද වශයෙන් මේවා ඉදිකර තිබුණි.

මින් කුළුණු 11ක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සිට ක්‍රියාත්මක කළ හැකි අතර තවත් කුළුණු නවයක් අදාළ ස්ථානයට ගොස් අතින් ක්‍රියාත්මක කළ හැකි මට්ටමේ පවතියි.

මේ අතර, සුනාමි ව්‍යසනයෙන් සහ අනෙකුත් ආපදාවලට ගොඳුරු වීමෙන් මියගිය මහජනතාව සිහිපත් කරමින් දෙසැම්බර් මස 26 වැනිදා පෙරවරු 9.25 සිට පෙරවරු 9.27 දක්වා විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් පැවැත්වීමට කටයුතු යොදා තිබිණි. 

2004 වර්ෂයේ සිදු වූ සුනාමි ව්‍යසනයට ශ්‍රී ලංකාවේ මුහුදුබඩ දිස්ත්‍රික්ක 14ක් ගොදුරු වූ අතර මියගිය සංඛ්‍යාව 35,000ක් පමණ වේ.

එම නිසා සුනාමි ව්‍යසනයෙන් සහ අනෙකුත් ආපදා හේතුවෙන් මිය ගිය ජනතාව සිහිපත් කිරීම සඳහා 2005 අංක 15/1975/715/001-1 දරන අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව අනුව 2006 වර්ෂයේ සිට සෑම වර්ෂයකම දෙසැම්බර් මස 26 වැනි දින ‘ජාතික සුරක්ෂිත දිනය’ ලෙස ප්‍රකාශයට පත්කර ඇත.

මීට වසර 19කට පෙර දෙසැම්බර් 26 වෙනි දින අසිරිමත් නත්තලක මිහිර විඳි දකුණේ හා උතුරු නැගෙනහිර ජනතාවට,උඳුවප් පුර පසළොස්වක පොහොය දිනය ද අද මෙන් යෙදී තිබුණි.

පුවත්

සංවිධානාත්මක අපරාධ ක්‍රියා මැඩලීමට නව නීති

Published

on

By

සංවිධානාත්මක අපරාධ ක්‍රියා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම සඳහා, නව නීති හඳුන්වා දෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය  ආනන්ද විජේපාල මහතා පවසයි.

ඔහු සඳහන් කළේ,  ත්‍රස්ත මර්දන පනත අහෝසි කිරීමට රජය මේ වනවිට ප්‍රතිපත්තිමය තීරණයකට එළඹ ඇති බවය.

අත්අඩංගුවට පත්වන සංවිධානාත්මක අපරාධකරුවන් දැනට රඳවා තබා ගෙන, ප්‍රශ්න කෙරෙන්නේ ත්‍රස්ත මර්දන පනතේ ප්‍රතිපාදන වලට යටත්ව බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.

එම පනත අහෝසි කිරීමත් සමග සංවිධානාත්මක අපරාධකරුවන් රඳවා තබා ප්‍රශ්න කිරීමට නව නීති ප්‍රතිපාදන අවශ්‍ය බව අමාත්‍යවරයා විසින් සඳහන් කරන ලදී.

ඒ අනුව අදාළ නව පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් මේ වනවිට කෙටුම්පත් කරමින් පවතින බව, අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කළේ ය.

Continue Reading

පුවත්

ඩිජිටල් හැඳුනුම්පතට ටෙන්ඩර් කැඳවයි

Published

on

By

නව ඩිජිටල් හැඳුනුම්පත සකස් කිරීම සඳහා, ඉන්දීයානු සමාගම්වලින් ටෙන්ඩර් කැඳවූ බව ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යංශය පවසයි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ,  මාස 4ක කාලයක් ඒ සඳහා ලබා දෙන බවය.

එම ව්‍යාපෘතිය සඳහා ඉන්දියාව මෙරටට ප්‍රදානයක් ලෙස ලබාදෙන මුදල රුපියල් බිලියන 10.4 කි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පැවසුවේ, ලබන වසරේ මැද වනවිට නව ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීමට කටයුතු කරන බවය.

Continue Reading

පුවත්

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳ මහජන අදහස් විමසීම අද

Published

on

By

මෙරට පුනර්ජනනීය සංවර්ධකයින් මුහුණදෙන අභියෝග හඳුනාගැනීම සඳහා මහජන උපදේශනයක් අද (02) පැවැත්වෙන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

එම කොමිසම නිවේදනය කළේ, අද උදෑසන 8.00 සිට පස්වරු 4.00 දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පාර්ශවකරුවන්ගේ අදහස් වාචිකව ලබා ගැනීමට නියමිත බවය.

2002 අංක 35 දරණ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභා පනතේ 17 වන වගත්තිය ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව සඳහන්ය.

මේ අතර සූර්ය බල ඉදිකිරීම් සංගමයේ සභාපති වෛද්‍ය ශ්‍යාම් පතිරාජ මහතා පැවසුවේ මෙරට මෙරට පුනර්ජනනීය බල ශක්ති ක්ෂේත්‍රයට එල්ල වී ඇති අර්බුදය සම්බන්ධයෙන් පර්ශවකරුවන් රැසක් එහිදී කරුණු දැක්වීමට නියමිත බවය.

පුනර්ජනනීය බල ශක්තියේ කිසිදු කප්පාදුවක් ආණ්ඩුව විසින් සිදුකර නොමැති බව රවීන්ද්‍ර බණ්ඩාර මන්ත්‍රීවරයා පවසයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved