“කදිර දිව්‍යරාජ (Kadira Divyaraja)” චිත්‍රපටයෙන් මහාචාර්යය සුනිල් ආරියරත්න මහතා විසින් දෙයියන්ගේ අයිය මලෝ මාරු කර අපහාසයක් කර ඇතැයි ඇමති ඩග්ලස් දේවානන්දා මහතා කැබිනට් මණ්ඩලයට දන්වා ඇති බව වාර්තා වේ.
නව වසරේ ප්‍රථම කැබිනට් මණ්ඩල රැස්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පසුගිය සදුදා පැවැති අවස්ථාවේදී එම චිත්‍රපටය හින්දු ආගමට පටහැනි බවත්, හින්දු ආගමට අනුව කතරගම දෙවියන් වන්නේ මල්ලී බවත්, ගණ දෙවියන් අයියා බවත් දේවාන්නද මහතා පෙන්වා දී තිබේ.
කෙසේවුවද, මහාචාර්ය සුනිල්ගේ චිත්‍රපටයේ විකාශය වෙන්නේ කතරගම දෙවියන් අයියා හැටියටත්, ගණ දෙවියන් මල්ලී හිටියටත් බවත් ඔහු පවසා තිබේ.
ඔහු එහිදී මෙසේද පවසා ඇතැයි වාර්තා වේ.
“අපේ ඉතිහාසය වෙනස් කරන්න හදනවා. කතරගම දෙවියන්ට මොට්ටු විතරයි තියන්න පුළුවන්. නමුත් චිත්‍රපයේ කතරගම දෙවියෝ නහයේ ඉඳන් තුන්නුරු ගාලා’’
එහිදී ‘‘මේ ගැන සංස්කෘතික ඇමැතිවරයා සොයා බැලිය යුතුයි’’ ජනාධිපතිවරයා පෙන්වා දී ඇති බවද වාර්තා වේ.
වැඩිදුරටත් එහිදී ජනපතිවරයා ඇමතිවරයාට නඩුවක් පවරා තීන්දුවක් ලබා ගන්නැයි උපදෙස් දී ඇති බවද වාර්තා වේ.
මූලාශ්‍රය – අරුණ