පුවත්

සුප් දන්සලක් දෙන්න ගිහින් ඇණකොටාගෙන තරුණයෙක් මරුට

Published

on

ඇහැළියගොඩ, පන්නිල ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී තරුණයෙකු ඝාතනය කර තිබේ.

ඊයේ (03) සවස් කාලයේදී එම ඝාතනය සිදුව ඇති බව පොලීසිය පවසයි.

එසේ මියගොස් ඇත්තේ, 23 හැවිරිදි වියේ පසුවූ පන්නිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මරණකරුගේ ඥාතීන් සුප් දන්සලක් දීමට සූදානම් කරමින් තිබියදී, මරණකරු එම ස්ථානයට පැමිණ ඔහුගේ පසුම්බියෙන් තිබූ මුදල් එහිදී අස්ථානගතව ඇති  බවට ප්‍රකාශ කිරීමත් සමඟ එම ස්ථානයේ ආරවුලක් ඇතිවී තිබේ.

එහිදී එම ස්ථානයේ සිටි අයෙකු විසින් තියුණු ආයුධයකින් සිදුකළ පහරදීමෙකින් මෙම ඝාතනය සිදුව ඇති බව පොලීසිය පවසයි.

මරණකරු මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූ අයෙකු බවටද දැනට සිදුකර ඇති විමර්ශනයේදී අනාවරණය වී තිබේ.

ඝාතනය සිදුකර ඇති සැකකරු හඳුනාගෙන ඇති අතර ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා ඇහැළියගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Trending

Exit mobile version