අද (30) රාත්‍රී අහසේ සෙනසුරු සමඟ ඉතා විරල ගණයේ සුපිරි නීල සඳක් දැක ගැනීමට හැකි බව කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චන්දන ජයරත්න පවසයි.
මහාචාර්යවරයා සඳහන් කළ පරිදි අද සන්ධ්‍යාවේ පූර්ණ චන්ද්‍රයා දැක ගත හැකි වුවද මෙම සුපිරි නීල සඳ නැරඹීමට හොඳම වේලාව පසුදින (31) උදෑසන 5.00ට පමණ බවය.
සෙනසුරු ග්‍රහයා ද ඉතා දීප්තිමත් ලෙස ඒ ආසන්නයේම දැක ගැනීමට හැකි අතර මෙවැනි නීල සඳක් නැවත දැක ගැනිමට හැකි වන්නේ 2037 ජනවාරි මාසයේය.
එසේම 2025 නොවැම්බර් වන තෙක් සඳ නැවතත් මෙතරම් සමීප නොවන බවද පවසයි.
එකම මාසයක පුර පසළොස්වක සඳ දෙකක් පවතින විට දෙවන පුර පසළොස්වක පොහොය සඳ නිල්සඳ ලෙස හැඳින්වෙන අතර මෙය නමක් පමණක් වන බැවින් සඳ සැබැවින්ම නිල් පැහැයෙන් දිස් විමක් සිදුනොවනු ඇත.
පසුගිය කාලයේ දැක ඇති පූර්ණ චන්ද්‍රයන්ට වඩා අද දින 14% කින් විශාල වන අතර 30%ක පමණ දීප්තිමත් විමට හේතුව නම් චන්ද්‍රයා තම කක්ෂයේ පෘථිවියට ඉතා ආසන්නව සිටින බැවින්ය.