පුවත්

සුබසාධක ප්‍රතිලාභ සංගණනයේ අවසන් දිනය දීර්ඝ කරයි

Published

on

සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් ලැබීමට පිණිස සුදුසු තැනැත්තන් / පවුල් හඳුනාගැනීමේ 2022 වැඩසටහනේ අයැදුම්කරුවන්ගේ තොරතුරු තහවුරු කර ගැනීමේ සංගණනයේ අවසන් දිනය දීර්ඝ කර ඇතැයි සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

එහි සභාපති / කොමසාරිස් බී. විජයරත්න මහතාගේ අත්සනින් යුත් මාධ්‍ය නිවේදනයක දැක්වෙන්නේ දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ හා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ ඉල්ලීම සලකා බලා මෙම සංගණනය අවසන් කිරීමේ දිනය අප්‍රේල් 10දා දක්වා දීර්ඝ කර කිරීමට සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය තීරණය කළ බවයි.

මීට පෙර මෙම සංගණනයේ අවසන් දිනය අදට යෙදී තිබුණි.

මෙහි සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහත දැක්වේ.

Trending

Exit mobile version