2025 සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද අද (14) පූර්වභාග 03.21ට යෙදී තිබූ සුබ මොහොතින් උදාවිය.
ආහාර පිසීමේ නැකත ද පූර්වභාග 04.04 ට උදාවිය.
තඹ වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ, ගිනි මොළවා කිරිබතක් හා කැවිලි වර්ගයක්ද දීකිරි සහ විලඳ ද පිළියෙල කරගැනීම යහපත් බව නැකැත් සීට්ටුවේ සඳහන් වෙයි.
මෙවර වැඩ ඇල්ලීම ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය යෙදී ඇත්තේ අද පූර්වභාග 06.44 ටය.