පුවත්

සුරාබදු දෙපාර්තමේන්තුවේ වැඩබලන්න අලුත් ලොක්කෙක්

Published

on

සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ.ගුණසිරි මහතාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අවසන් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසුවේ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුදල් අමාත්‍යවරයා වශයෙන් ඉදිරිපත් කර තිබු එම යෝජනාවට කැබිනට් මණ්ඩලය අනුමැතිය හිමිවූ බවය.

ගුණසිරි මහතා සුරාබදු කොමසාරිස් ජනරාල් වශයෙන් කොන්ත්‍රාත් පදනම මත සේවය කරමින් සිටියේය.

එම තනතුරේ වැඩබැලීම සඳහා ජනාධිපති අතිරේක ලේකම් (ආයතන සම්බන්ධීකරණ 2) වශයෙන් සේවය කරන යූ ඩී එන් ජයවීර මහතා පත් කිරීමටද කැබිනට් මණ්ඩලය අනුමැතිය දී තිබේ.

Trending

Exit mobile version