Connect with us

පුවත්

සුරාබදු දෙපාර්තමේන්තුව රජයට ගෙවිය යුතු හිග බදු මුදල බිලියන 7ක්

Published

on

සුරාබදු දෙපාර්තමේන්තුවෙන් රජයට අය විය යුතු හිඟ බදු මුදල රුපියල් බිලියන 7ක් පමණ වන බව පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සඳහන් කර ඇත.

සුරාබදු නිලධාරීන් මත්පැන් නිෂ්පාදකයන්ගෙන් බදු අයකරගැනීමේදී සිදුවන අක්‍රමිකතා මග හැරීමට නම් සුරාබදු දෙපාර්තමේන්තුව සඳහා ගෙවීම පැහැර හරින මත්පැන් නිෂ්පාදකයන්ගෙන් බදු අයකරගැනීම විධිමත් කිරීමට නම් සුරාබදු දෙපාර්තමේන්තුව සඳහා ඩිජිටල් පද්ධතියක් හඳුන්වා දිය යුතු බව ඔහු කියා සිටියි.

ඇඩ්වකාටා ආයතනය ඉකුත් 17 වැනිදා කොළඹදී සංවිධානය කරන ලද විද්වත් කතිකාවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය. 

එහිදී අදහස් දැක්වූ ආචාර්ය හර්ෂ ද සිල්වා මෙසේ ද පැවසුවේය.

”සුරාබදු දෙපාර්තමේන්තුවට බදු අයකරගැනීම සඳහා විධිමත් ඩිජිටල් පද්ධතියක් නැහැ. ඔවුන් සාම්ප්‍රදායික ක්‍රමවේදයක් ඔස්සේ නිලධාරින් මගින් තමයි බදු එකතු කරන්නේ. පාඨලි මන්ත්‍රිවරයා සහ මම විවිධ පාර්ලිමේන්තු කමිටුවල ඉන්න නිසා මේ අය ගෙන්නලා කතා කරන්න අපිට පුළුවන් වුණා. පාඨලි මන්ත්‍රිවරයා සහ මම වතාවක් ගියා මත්පැන් ස්ටිකරය සම්බන්ධ තොරතුරු ලබාගන්න. එතනදී අපිට තේරුණා ඒක මහාපරිමාණ වංචාවක් කියලා. එතන තියන හොරකම සහ වංචාව අයින් කරන්න නම් මේ දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කළ යුතුයි.

මෙම කතිකාවට සහභාගි වූ පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණවක මහතා ද මෙසේ කියා සිටියේය.

හර්ෂ ද සිල්වා මන්ත්‍රිවරයා සහ මම නියෝජනය කරන පාර්ලිමේන්තු කමිටුවලදී අපි පහුගිය වසරේ නොවැම්බර් මාසේ නියෝගයක් දුන්නා බදු නොගෙවන අයගේ බලපත් තහනම් කරන්න කියලා. ඉන්පස්සේ 6ක්ගේ මත්පැන් බලපත් තහනම් කළා. ඉන් දවස් 4කට පස්සේ ඒ අය බදු ගෙවන්න ගත්තා. ආයේ දෙසැම්බර් මාසේ බදු ගෙවීම නතර වුණා. අණදීපු සුරාබදු කොමසාරිස්වරයත් ගෙදර යැව්වා, මාවත් ගෙදර යැව්වා. ඒ නිසා සුරාබදු දෙපාර්තමේන්තුව නීතිය තදින් ක්‍රියාත්මක කරනවා නම් බදු අයකරගැනීම කළ හැකියි.

මූලාශ්‍රය – අරුණ

පුවත්

ශානි අබේසේකරට නව වගකීමක්

Published

on

By

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව විමර්ශනය කිරීම සඳහා පත්කරනු ලැබූ කමිටුවට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාවද පත්කර ඇත.

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් මෙම පත්කිරීම සිදුකර තිබේ.

ඒ අනුව මෙම විමර්ශන වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට මහතාගේ සභාපතීත්වයෙන් සිව්දෙනෙකුගෙන් යුත් කමිටුවේ සාමාජිකයින් ගණන පහ දක්වා වැඩිවිය.

Continue Reading

පුවත්

හිටපු ජනපති හා ඉන්දීය මහ කොමසාරිස් අතර හමුවක්

Published

on

By

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා අතර ඊයේ (22) හමුවක් සිදුව තිබේ.

ඒ, විජේරාම නිල නිවසේදීය.

වර්තමාන සමාජ දේශපාලන තත්ත්වයන් ගැන මෙන්ම පෞද්ගලික වශයෙන් අදහස් හුවමාරු කරගැනීම එහිදී සිදුව ඇති බව හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ඒකකය පවසයි.

සමීපතම අසල්වැසි රාජ්‍යන් ලෙසින් අප දෙරට අතර පවතින අන්‍යෝන්‍ය අවබෝධය මත විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ ගොඩනැගුණු ගැඹුරු මිත්‍රත්වය මේ මොහොතේ තමන් ගෞරවයෙන් සිහිපත් කරන බවද මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙහිදී ප්‍රකාශ කර තිබේ.

Continue Reading

පුවත්

ඩෑන් ප්‍රියසාද්ගේ ඝාතනයට තිදෙනෙකු අත්අඩංගුවට

Published

on

By

සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර ඩෑන් ප්‍රියසාද් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය විමර්ශනය කිරීම සඳහා පොලිස් කණ්ඩායම් 6ක් යොදවා ඇති බව වාර්තා වෙයි.

පොලීසිය සැකපළ කරන්නේ එම ඝාතනය සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කන්ජිපානේ ඉම්රාන්ගේ පාර්ශවය විසින් සිදුකරන්නට ඇති බවය.

ඊයේ රාත්‍රී වැල්ලම්පිටිය ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයේ උඩු මහලකදී සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද්ට වෙඩිතැබීමක් සිදුකර තිබු‍ණි.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි පොලීසිය පැවසීය.

සාදයක් අතරතුර මෙම වෙඩි තැබීම සිදුව ඇති බවට පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් යොදා ගනමින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති  අතර වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ඩෑන් ප්‍රියසාද් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණි.

වෙඩි ප්‍රහාර දෙකක් ඔහුගේ උරහිස ප්‍රදේශයට සහ තවත් වෙඩි ප්‍රහාර දෙකක් ඔහුගේ පපුව ප්‍රදේශයට එල්ල වී තිබූ බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved