ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි සුව සැරිය ප්‍රධාන කාර්යාලය පවත්වාගෙන යන ගොඩනැගිල්ලේ තක්සේරු වටිනාකමට වඩා වසරකට රුපියල් ලක්ෂ පනහක් ගෙවන බව අනාවරණය වී තිබේ.
මේ බව අනාවරණය වී ඇත්තේ ජාතික විගණන කාර්යාලය කළ පරීක්ෂණයකිනි.
ගොඩනැගිල්ලේ හිමිකරු රජයේ තක්සේරු වටිනාකමට එකඟතාව පළ කර නොමැති අතර ගිවිසුම්ගත කුලී මුදල ද ඉක්මවන වෙනත් තක්සේරු වාර්තාවක් හිමිකරු ඉදිරිපත් කර තිබෙන බව ද එම පරීක්ෂණ වාර්තාව හෙළි කර ඇත.
ගොඩනැගිල්ලක් කුලියට ගැනීමේ දී ආයතන ප්‍රධානියා ප්‍රධාන තක්සේරුකරු විමසිය යුතු වන අතර ප්‍රධාන තක්සේරුකරුගේ තීරණය භාර ගැනීමට ප්‍රධානියාට නොහැකි වන්නේ නම් එම ගොඩනැගිල්ල කුලියට ගන්නා ආයතනය අදාළ ලේකම් වෙත තීරණයක් සඳහා එම කාරණය යොමු කළ යුතු වුවද එම නියමය අනුව පදනම කටයුතු කර නොමැති බව ද පරීක්ෂණ වාර්තාව පෙන්වා දෙයි.
පසුගිය මාර්තු මස පැවැති අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේ ගත් තීරණයක් මත ගොඩනැගිල්ලේ කුලිය සම්බන්ධව අනුමැතිය ලබා ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත යොමු කිරීමට තීරණය කර ඇතැයි මීට පිළිතුරු වශයෙන් පදනමේ කළමනාකාරීත්වය විගණන කාර්යාලයට දන්වා තිබේ.
මූලාශ්‍රය – අරුණ