Connect with us

පුවත්

“සුව සැරිය රෝහල් සේවාව” නමින් විශේෂ බස් රථ

Published

on

ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලට විශේෂ බස් රථ සේවාවක අවශ්‍යතාවය පැන නැගී තිබූ අතර, ඒ පිළිබද අවධානය යොමු කරමින් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ  ප්‍රවාහන, මහාමාර්ග සහ  ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ සහභාගීත්වයෙන් “සුව සැරිය රෝහල් සේවා” නමින් විශේෂ බස් රථ සේවාවක් ඊයේ (05) පෙරවරුවේ ශ්‍රී ජයවර්ධනපුර රෝහල් පරිශ්‍රයෙන් ආරම්භ කරන ලදි.

මීට පෙර සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය ර‌මේෂ් පතිරණ මහතා සහ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ නිලධාරින් සහ කාර්ය මණ්ඩලය සමග  රෝහලේ ප්‍රගතිය පිළිබදව සොයාබැලීමේ විශේෂ සාකච්ඡාවක් පැවැත් වූ අතර, එහිදී රෝහල් කාර්ය මණ්ඩලය සහ ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන ජනතාව මුහුණ දෙන ප්‍රධාන ගැටළුවක් ලෙස ප්‍රවාහන දුෂ්කරතාවය පෙන්වා දෙන ලදි.

මේ පිළිබදව විශේෂ අවධානය යොමු කරමින් සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රවාහන, මහාමාර්ග සහ  ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගෙන් කළ ඉල්ලීමට ප්‍රතිචාරයක් ලෙස කඩිනමින් මෙම විශේෂ බස් රථ සේවාව ආරම්භ කිරිමට පියවර ගැනුනි.

මහරගම, තලවතුගොඩ, බොරැල්ල, කොටුව (138/212/174) නගර ආවරණය වන පරිදි ශ්‍රී ජයවර්ධනපුර රෝහල දක්වා මෙම ප්‍රවාහන සේවාව ක්‍රියාත්මක වේ.

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා…

කුමන අර්බුද පැමිණියත් ඉතාම කෙටි කාලයකින් පෙර පුරුදු තත්ත්වයට පැමිණිමේ විශිෂ්ටතාවයක් මෙරට නිදහස් සෞඛ්‍ය සේවාව තුල පවතින බව මෙහිදි සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන ලදි.

ජපන් රජය විසින් හිටපු ජනාධිපති ඡේ.ආර් ජයවර්ධන මැතිතුමාට උපහාරයක් ලෙස ලබාදුන් මෙම රෝහලට වසර 40 ක කාලයක් ගත වූවත් එය ඉතා විශිෂ්ට නිර්මාණයක් බව ද පෙන්වා දුන් අතර, රෝහල තිබෙන තත්ත්වයට වඩා විශිෂ්ට සෞඛ්‍ය සේවාවක් ජනතාවට ලබාදෙන තත්ත්වයට පත් කිරිමට සියළු දෙනාගේ සහාය අපේක්ෂා කරන බව ද පැවසීය.”

මෙහිදී අදහස් දක්වමින් ප්‍රවාහන හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා….

“ලංකා ගමනාගමන මණ්ඩලය පොදු ප්‍රවාහනය වශයෙන් එහි සියළු සේවකයින්ගේ ද මහත් කැපවිම මත විශිෂ්ට සේවාවක් සපයන බව පැවැසිය.

ලංගම  ජාතික සම්පතක් බවත්, “සිසු සැරිය” නමින් පාසල් දරුවන් වෙනුවෙන් බස් රථ සේවාවක් පවතින බවත් රජය වසරකට මිලියන 2000 ක සහනාධාරයක් ඒ සදහා ලබාදෙන බව ද පැවසිය.

ජයවර්ධනපුර රෝහලට පැමිණීමට බස් රථ සේවාවක් නොමැති බැවින් මෙම විශේෂ බස් රථ දෙක ධාවනයේ යෙදවීමට කටයුතු යොදා ඇති බව ද මෙම සේවාව ද ලබාගැනිමින් රෝහලෙන් ලබාදෙන ප්‍රතිකාර සේවාවන් ශකිත්මත් කිරිමට කටයුතු කරන ලෙස ද ඉල්ලා සිටින ලදි.

අද (05) දින ආරම්භ කරන ලද මෙම සුව සැරිය රෝහල් සේවාව ඉදිරියේ දී සිසු සැරිය මෙන් දිවයින පුරා ක්‍රියාත්මක කිරිමට තමන් බලාපොරොත්තු වන බවද වැඩිදුරටත් පැවැසිය.”

මෙම අවස්ථාවට සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොල, සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල, ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම, අධ්‍යක්ෂ වෛද්‍ය රත්නසිරි හේවගේ යන මහත්ම මහත්මින් ඇතුලු රෝහල් කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.

කැබිනට් තීරණ

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව (සජීවී විකාශය)

Published

on

By

අද (25) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භ විය.

ඒ, කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම සජීවි දර්ශන පහතින්  නරඹන්න.

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-06-25

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-06-25

Posted by Department of Government Information – Sri Lanka on Tuesday, June 24, 2025

Continue Reading

පුවත්

හෙල්මටයකින් පහරදී තරුණයෙකු ඝාතනය කරයි

Published

on

By

බුලත්සිංහල, හල්වතුර ප්‍රදේශයේදී ආරක්ෂිත හිස්වැසුමකින් පහර දී තරුණයෙකු ඝාතනය කර තිබේ.

පොලීසිය පැවසුවේ පුද්ගලයින් දෙදෙනෙකු අතර සිදුවු බහින්බස් වීමක් දුරදිග යාමෙන් මෙම ප්‍රහාරය සිදුව ඇති බවය.

ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා හොරණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර යළි හොරණ රෝහලට මාරුකර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ 30 හැවිරිදි බුලත්සිංහල, හල්වතුර ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.

පහරදීම සිදුකිරීම සම්බන්ධයෙන් 23 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර බුලත්සිංහල පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.  

Continue Reading

පුවත්

වෙඩිතබා ඝාතනය කළ තරුණයින් දෙදෙනෙකුගේ සිරුරු හමුවෙයි

Published

on

By

මිද්දෙණිය, තෝරකොළයාය ප්‍රදේශයේදී පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් වෙඩි තබා ඝාතනය කළ තරුණයින් දෙදෙනෙකුගේ සිරුරු සොයාගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, එලෙස ඝාතනය වී ඇත්තේ අවුරුදු 25ත් – 30ක් අතර වයස්වල පසුවන තරුණයින් දෙදෙනෙකු බවය.

අද (25) උදෑසන මෙම වෙඩිතැබීම සිදුව ඇති අතර, මේ වනවිට විශේෂ පරීක්ෂණ කණ්ඩායම් තුනක් මිද්දෙණිය පොලීසිය සමග එක්ව පරීක්ෂණ ආරම්භ කර තිබේ.

වෙඩිතැබීම කුමන හේතුවක් මත කවුරුන් විසින් සිදුකර ඇත්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved