පුවත්

සුසිල් කිව්වට අධ්‍යාපන උපකරණ වලින් සෙස් ඉවත් කරන කැබිනට් පත්‍රිකාවක් දාල නෑ!

Published

on

අධ්‍යාපන උපකරණ වලින් සංශෝධිත සෙස් බදු ඉවත් කිරීමේ කැබිනට් පත්‍රිකාවක් මේ සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් නොවූ බව කැබිනට් අමාත්‍ය – බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ අද (29) පෙරවරුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

“එවැනි සෙස් බද්ද ඉවත් කිරීම පිළිබඳ කැබිනට් පත්‍රිකාවක් මගේ දැනීමේ හැටියට මේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වුනේ නැහැ,” යැයි ඔහු පැවසීය.

මේ සම්බන්ධයෙන් අදාල පාර්ශව හා සාකච්ඡා කර අධ්‍යාපන අමාත්‍යවරයා විසින් මේ සඳහා කැබිනට් මණ්ඩලයට යම්කිසි සහනදායි විසඳුමක් ඉදිරිපත් කිරීමට යෝජනා කළහොත්, ඒ පිළිබඳව සලකා බැලිය හැකි බව ද ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය.

කෙසේවෙතත්, පසුගිය සතියේදී මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ඇති වූ කතාබහකදී අධ්‍යාපන අමාත්‍ය – සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසුවේ අධ්‍යාපන උපකරණ වලින් සෙස් බද්ද ඉවත් කිරීමේ කැබිනට් පත්‍රිකාවක් ඊයේ (28) දින කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි.

පසුගිය 18දා පාර්ලිමේන්තුවේ දී අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාද පවසා සිටියේ සෙස් බදු සංශෝධනය කිරීම හේතුවෙන් අත්‍යවශ්‍ය පාසල් උපකරණවල යම් මිල වැඩිවීමක් සිදුවී ඇත් නම් එය වෙනස් කිරීමට කටයුතු කරන බවයි.

සබැඳි පුවත් :

සෙස් බද්දෙන් පාසල් උපකරණ මිල වැඩි වුනානම් අඩු කරනවා

Trending

Exit mobile version