පුවත්

සුළි කුණාටුවක් ඇමෙරිකාවේ නගර දෙකක් සුණු විසුණු කරයි

Published

on

ඇමෙරිකාවේ මිසිසිපි ජනපදයට බිහිසුණු සුළි කුණාටුවක් කඩා වැදුණු බවත් කුඩා නගර දෙකක් සුළි කුණාටුවට හසුවීමෙන් අතුරුදන්ව ඇති බවත් ඇමෙරිකනු මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙසේ මුළුමනින්ම විනාශ වී ගිය බවට වාර්තා වී ඇත්තේ සිල්වර් සිටි සහ රෝලිං ෆෝක් යන කුඩා නගර දෙකය.

මේ සුළි කුණාටුව හේතුවෙන් මියගිය ගණන 26 දක්වා ඉහළ ගොස් ඇතැයි බීබීසීය වාර්තා කර ඇත.

මෙහි සුළං වේගය පැයට කිලෝ මීටර් 115 ක පමණ වේගයෙන් හමා ගොස් තිබේ.

විනාශව ඇතැයි කියන සිල්වර් සිටි සහ රෝලිං ෆෝක් යන කුඩා නගරවල ඉතිරි වී ඇත්තේ සුන්බුන් කීපයක් පමණක් බව පැවැසෙයි.

නගර, ගොඩනැගිලි, වාහන ආදී සියල්ල සුළං සමඟ ගසාගෙන ගොස් තිබේ. 

ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කළේ නගර තිබුණු ස්ථානය පවා සොයා ගැනීමට නොහැකි බවය.

සුළි කුණාටුවෙන් ෂාර්කි, හම්ප්‍රීස් ප්‍රාන්තවලට ද හානි සිදුවී ඇත. 

ඊට අමතරව ඇලබාමා ජනපදයේ ප්‍රාන්ත කීපයකට ද හානි සිදුවී ඇති බව දැනගන්න ලැබේ.

විදුලිය නොමැතිව පීඩාවට පත් වුණු ගණන 75,000 කට වැඩිය.

මෙම සුළඟින් සිදුවුණු විනාශය දැක තමන් කම්පනයට පත්වුණු බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසා තිබේ. 

විපතට පත්වූවන්ට කඩිනමින් සහාය ලබා දීමට බයිඩන් උපදෙස් දී ඇතැයි ද පැවැසෙයි.

‘මිසිසිපි වැසියන් මුහුණ දුන් ව්‍යසනය දැක මා කම්පනයට පත්වුණා. පුළුවන් උපරිමයෙන් අපි උදවු කරනවා’ යැයි ඇමෙරිකන් ජනාධිපති බයිඩන් නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

Trending

Exit mobile version