පුවත්

සුළු ගං වතුර තත්ත්වයක්:  රියදුරන්ට අවවාද

Published

on

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කළු ගඟේ, කුඩා ගඟ උප ද්‍රෝණියේ පහත් බිම් ප්‍රදේශවල සුළු ගං වතුර තත්ත්වයක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශය පවසයි.

එම අංශයේ වාරිමාර්ග ඉංජිනේරු ජී.ඩබ්ලිව්.ඒ සකුරා දිල්තාරා මහත්මිය පැවසුවේ, මේ හේතුවෙන් ඒ ආශ්‍රිත මාර්ග භාවිත කරන රියදුරන් ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බවය.

එහිදී ඇය වැඩිදුරටත් කියා සිටියේ,

“පසුගිය දින 2-3 තුළ පැවති අධික වර්ෂාපතනයත් සමඟ කළු ගඟ ද්‍රෝණියේ සහ අත්තනගලු ද්‍රෝණියේ ගංවතුර අවදානමකට පත් වුණා. නමුත් එළෙස සැලකිය යුතු වර්ෂාපතනයක් නොලැබුණත් තවමත් එම ගංවතුර අවදානම කළු ගඟේ කුඩා ගඟ උප ද්‍රෝණියෙත් ඒවගේම අත්තනගලු ඔයේ පවතිනවා. මෙම තත්ත්වය හේතුවෙන් කුකුළේ ගඟ ජලවිදුලි බලාගාරයෙන් නිකුත් වෙන ජල ධාරිතාව තත්ත්පරයට ඝන මීටර් 25 දක්වා අඩු වෙලා තියෙනවා. නමුත් තවම කුඩා ගඟේ ද්‍රෝණියේ පහත්බිම් අවට මාර්ග ජලයෙන් යටවෙලා පවතිනවා. ඒ නිසා එම පහත්බිම් වලින් වැටි ඇති මාර්ග භාවිත කරන රියදුරන් ඒ පිළිබඳව දැඩි සැලකිල්ලෙන් කටයුතු කළ යුතුයි. “

Trending

Exit mobile version