Connect with us

පුවත්

සූර්ය විදුලි උත්පාදනය අධෛර්යමත් කළ ලොව එකම රට ලංකාවයි

Published

on

නිවාසවල වහල මත සවි කර ඇති සූර්ය පැනලවලින් ජාතික විදුලිබල පද්ධතියට එකතු කරන විදුලිය සඳහා ගෙවන ආදායම් ගාස්තු (feed-in tariffs) අඩු කිරීමට රජය කර ඇති යෝජනාව වහා හකුලා ගත යුතු බව පුනර්ජනනීය බලශක්තිය සුරැකීමේ පෙරමුණ පවසයි.

එම පෙරමුණේ සම කැඳවුම්කරු සංඛ චන්දිම මහතා පෙන්වා දෙන්නේ ලොව කිසිදු රටක ආණ්ඩුවක් සූර්ය බලයෙන් විදුලිය නිපදවීම අධෛර්යමත් කර නොමැති බවය.

ඔහු මේ පිළිබඳ පැවසුවේ පසුගියදා (26) කොළඹ දී පැවැත්වූ මාධ්‍ය හමුවකදීය.

මෙවැනි ගාස්තු කපා හැරීම රජයේ කෙටිකාලීන මූල්‍ය සැලසුම් සඳහා ප්‍රයෝජනවත් විය හැකි වුවද, එය දිගු කාලීනව පුනර්ජනනීය බලශක්ති වෙත යොමු වීමේ ජාතික උත්සාහයන්ට අහිතකර ලෙස බලපෑම් කළ හැකි බව ද මෙහිදී හෙතම පැවැසුවේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි පුනර්ජනනීය බලශක්තිය සුරැකීමේ පෙරමුණේ සම කැඳවුම්කරු සංඛ චන්දිම මහතා මෙසේ ද කියා සිටියේය.

‘යෝජිත ගාස්තු අඩු කිරීම් – රුපියල් 27 සහ රුපියල් 23 සිට රුපියල් 19 සහ රුපියල් 14 දක්වා අඩු කිරීම – ව්‍යාපාර 1,000කට වැඩි ප්‍රමාණයකට සහ සේවකයන් හැටදහසකට වැඩි පිරිසකගේ ජීවනෝපායන්ට තර්ජනයක්. 2024 වසරේදී වහල මත සවි කරලා තියෙන සුර්ය පැනල මගින් මෙගාවොට් 500කට වැඩි ප්‍රමාණයක් ජාතික විදුලි පද්ධතියට එකතු කරල තියනවා. අපි ඉල්ලන්නේ මේ කර්මාන්තය දියුණු කරන්න රජයේ සහාය දෙන්න කියලා. ජාතික මෙහෙවරක් අපි මේ කරන්නේ. අපි රජයෙන් ඉල්ලා සිටින්නේ මෙම යෝජනාව සංශෝධනය කරන්න කියලා. අපි පුළුවන් තරම් උත්සාහ කරන්නේ මේ ගැන රජය එක්ක කතා කරලා සාධාරණ විසඳුමකට එන්න ”

මෙම මාධ්‍ය හමුවේදී අදහස් දක්වා සිටි බලශක්තිය සුරැකීමේ පෙරමුණේ සාමාජිකයකු වන හරේන් පෙරේරා මහතා ද මෙසේ පැවැසුවේය.

” වහල මත සවිකරලා තියෙන සූර්ය පැනල මගින් බලශක්ති අර්බුදයට විසඳුම් ලබා දීමේ හැකියාව තියෙනවා. අයෝජකයන් දිරිමත් කරන ගාස්තු ව්‍යුහයක් නැති වුණොත්, රටේ සෝලා බලශක්ති ක්ෂේත්‍රයට ලොකු බලපෑමක් ඇතිවෙනවා. දැනට මේ වහලය මත සවි කරලා තියෙන සූර්ය පැනල මගින් විදුලිය උත්පාදනය කරන ආයතන හාරසියකට වැඩිය තියනවා. වක්‍රව සහා සෘජුව ගත්තොත් මේ ආයතනවලින් යැපෙනවා ලක්ෂ දෙකක් විතර පුද්ගලයන්. විශාල කර්මාන්තයක් මේක. මේක අඩපණ වෙන්න දෙන්න එපා කියල අපි ඉල්ලන්නේ. මේ නව ගාස්තු අනුව කිසිම කෙනෙක් කැමැති වෙන්නේ නැහැ මේ කර්මාන්තයේ යෙදෙන්න. එතකොට රටට වෙන්නෙත් පාඩුවක් මේකෙන් යැපෙන අයට වෙන්නෙත් ලොකු පාඩුවක් ”

පුවත්

හරක් කටා කොළඹ ජාතික රෝහලට

Published

on

By

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින, ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධ කල්ලියේ නායකයෙකු වන නඳුන් චින්තක හෙවත් ‘හරක් කටා’, චිකුන්ගුන්යා වෛරසය වැළදීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

ඔහු මේ වන විට 37 වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින අතර, එම වාට්ටුව පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලීසිය විසින් දැඩි ආරක්ෂාවක් යටතේ පවත්වාගෙන යන බවද වාර්තා වේ.

ආරක්ෂක හේතූන් මත එම වාට්ටුව ඔහුට පමණක් වෙන් කර ඇති අතර, වෙනත් රෝගීන් කිසිවෙකු එහි යාමට ඉඩ නොමැති බවද සඳහන්ය.

මෙම අතරතුරදී, තමාට පෞද්ගලික රෝහලකින් ප්‍රතිකාර ලබා ගැනීමට අවසර ලබාදෙන ලෙස හරක් කටා විසින් ඉල්ලීමක් කළ ද, එය බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ.

Continue Reading

පුවත්

වසරේ පළමු මාස 6 තුළ සුරාබදු ආදායම වාර්තාගත ලෙස ඉහළට

Published

on

By

වසරේ ගත වූ මාස 6 තුළ සුරාබදු දෙපාර්තමේන්තුව විසින් රුපියල් බිලියන 120.5 ක ආදායමක් උපයා තිබේ.

එය මුදල් අමාත්‍යාංශය විසින් ලබා දී ඇති ඉලක්කය ඉක්මවා ලබාගත් 102.6% ක ප්‍රගතියකි.

සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේ, පසුගිය වසරේ රුපියල් බිලියන 226.7 ක් රජයට අයකර දීමට සුරාබදු දෙපාර්තමේන්තුව ක්‍රියාකර ඇති බවයි.

2023 වසරේ රුපියල් බිලියන 178.6 ක් හා 2022 වසරේ රුපියල් බිලියන170.3 කද ආදායමක් සුරාබදු දෙපාර්තමේන්තුව විසින් උපයා තිබේ.

ජනාධිපතිවරයාගේ සංකල්පයක් අනුව බදු ශක්ති නමින් ක්‍රියාත්මක වූ බදු සතිය තුළ සුරාබදු දෙපාර්තමේන්තුව සක්‍රීය දායකත්වයක් ලබාදී තිබුණි.

ඒ සුරාබදු බලපත්‍ර ස්ථාන පරීක්ෂාව, සුරාබදු බලපත්‍රධාරීන් ජනතාව දැනුවත් කිරීම හා නීති විරෝධි නිෂ්පාදන වැටලීම් අඛණ්ඩව සිදු කරමින් ය.

Continue Reading

පුවත්

මීමුරේ යන අයට තාවකාලික තහනමක්

Published

on

By

හුන්නස්ගිරිය, මීමුරේ මාර්ගයේ 28 වැනි කිලෝ මීටරය ආසන්නයේ පිහිටි කයිකාවල පාලම අසලින් එම මාර්ගය තාවකාලිකව වසා ඇති බව වාර්තා වේ.

මහනුවර දිසාපති ඉන්දික උඩවත්ත සඳහන් කළේ අඳාළ පාලම හරහා වාහන ධාවනය කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බවය.

කෙසේ වෙතත් මෙම පියවර ගෙන ඇත්තේ මාර්ග සංවර්ධන අධිකාරිය මගින් සිදුකළ ප්‍රතිසංස්කරණ කටයුත්තක් අතරතුර වූ හදිසි ආපදා තත්ත්වයක් නිසා බව සඳහන්ය.

මහනුවර දිසාපති ඉන්දික උඩවත්ත මහතා වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා ඇත්තේ විනෝද සංචාර හා වෙනත් අවශ්‍යතා වෙනුවෙන් මීමුරේ වෙත, නැවත දැනුම්දෙන තුරු පැමිණීමෙන් වළකින ලෙසය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved