පුවත්

“සෙක්ස් කරන්න 3,000 ක් අරගෙන එන්න – දැන්වීම දැමූ අය අල්ලයි!

Published

on

දාහත් හැවිරිදි තරුණියකගේ මුහුණු පොතේ ගිණුමට රිංගා එම ගිණුම හරහා ඇය මුදලට අලෙවි වන තරුණියක් ලෙස සමාජගත කළ පුද්ගලයකුට එරෙහිව ලද පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කළ බව බණ්ඩාරගම පොලිසිය කියයි.

මීට දින කීපයකට ඉහතදී තම දුරකථනය අලුත්වැඩියා කටයුත්තක් සඳහා නිවස ආසන්නයේ පදිංචි දුරකථන අලුත්වැඩියා කරන පුද්ගලයෙකුට ලබාදුන් බවත් පැය කීපයකින් පසු ඔහු එය අලුත්වැඩියා කර තමන් වෙත ලබා දුන් බවත් එම තරුණිය කරන ලද පැමිණිල්ලේ සඳහන් වේ.

ජංගම දුරකථනය පරික්ෂා කිරීමේදී තමන්ගේ මුහුණු පොතේ ගිණුම හා විද්‍යුත් තැපැල් ලිපිනය ජංගම දුරකථයෙන් ඉවත්ව ගොස් තිබූ එහෙයින් නැවත එම පුද්ගලයාට පවසා මුහුණු පොතට නව ගිණුමක් මෙන්ම විද්‍යුත් තැපැල් ලිපිනයක්ද සක්‍රීය කර ගත් බව බවට පත් තරුණිය කරන ලද පැමිණිල්ලේ සඳහන් වේ.

දින දෙකක් පමණ ගත වෙද්දී මිතුරියන් රැසක් තම දුරකථනයට ඇමතුම් ලබා ගෙන “මොනාද ඔයා මේ දාලා තියෙන්නෙ පිස්සු වැඩ කරන්න එපා”. “ඇයි එහෙම කරන්නේ” ආදී වශයෙන් ඇය ගෙන් විවිධ දෑ අසමින් ප්‍රශ්න කරන්නට වූ අතර කිසිත් නොදත් පැමිණිලිකාරිය මිතුරියන්ගෙන් ඒ බව විමසීමේ දී ඔවුහු ඇය වෙත පවසා ඇත්තේ ඇය මුදලට අලෙවි වන තරුණියක් බව පවසා මුහුණු පොතේ දැන්වීමක් පළ කර ඇති බවය.

“සෙක්ස් කරන්න කැමතිනම් 3000ක් අරගෙන එන්න – මම බණ්ඩාරගම” යනුවෙන් සඳහන් කර වෙනත් තරුණියන්ගේ නිරුවත් පින්තූර කීපයක් ඇයගේ මුහුණු පොත හරහා සමාජගත කර තිබූ එම වැකිය සහ නිරුවත් ඡායාරූපද ඇය ජංගම දුරකථනය හරහා ලබාගත් ඡායාරූප ද සමඟ මේ තරුණිය පොලිසිය වෙත පැමිණිල්ලක් කර තිබිණි.

මහත් කම්පනයට සහ මානසික පීඩාවකට ලක් වූ තරුණිය පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ මහතා හමුවට ගොස් සියලු කරුණු පවසා තම චරිතයට හානිදායක ලෙස මුහුණු පොත හරහා දැන්වීම් පළ කළ පුද්ගලයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස හඬා වැටෙමින් ආයාචනය කර තිබූ බව පොලිසිය කියයි.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා පොලිස් නිලධාරියකු ඒ පිළිබඳ සොයා බැලීමට යොමු කර ඇය බණ්ඩාරගම පොලිසිය වෙත ඒ මොහොතේම යොමු කර ඇත.

ඒ අනුව බණ්ඩාරගම පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරීක්ෂක අනූෂා හේමමාලි ඒ සම්බන්ධයෙන් තරුණියගෙන් තොරතුරු විමසා තරුණියගේ ජංගම දුරකථනය අලුත්වැඩියා කිරීමට කටයුතු කළ 20 හැවිරිදි විවාහක පුද්ගලයා පොලිසියට කැඳවා ඒ පිළිබඳ විමසා ඇත.

තරුණියගේ ඥාතීන් සහ තම ඥාතීන් අතර පවතින ඉඩම් ආරවුලක් හේතුවෙන් ඇයගේ මුහුණු පොතේ ගිණුම “කෝඩින් හැක්” කර තමන් එලෙස සිදු කළ බව එම පුද්ගලයා පිළිගත් බව පොලිසිය කියයි.

Trending

Exit mobile version