කොළඹ ප්‍රදේශ කිහිපයකට ලබන 23 සෙනසුරාදා පස්වරු 6.00 සිට 24දා උදෑසන 6.00 දක්වා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
ඒ අනුව කොළඹ 11, 12, 13, 14, සහ 15 යන ප්‍රදේශවලට එම කාලය තුළ ජල සැපයුම අත්හිටුවනු ඇත.
අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය පවසයි.