දක්ෂිණ අධිවේගී මාර්ගයේ අතුරුගිරිය පිවිසුමෙන් එම මාර්ගයට රථවාහන ඇතුළු කිරීමේදී අද (26) දින ටිකට් පත් නිකුත් කිරීමක් සිදු නොකෙරුණි.
මුදල් වංචා චෝදනාවක් මත අතුරුගිරිය පිවිසුම් මධ්‍යස්ථානයේ සේවය කල සේවකයින් 22ක් වැඩ තහනමට ලක්වීම හේතුවෙන් පවතින සේවක හිඟය මත මේ ආකාරයෙන් කටයුතු කිරීමට සිදුවී ඇති බව එහි නිලධාරියෙකු පැවසීය.
කෙසේවෙතත් අතුරුගිරිය පිටවීමේ දොරටුවලින් පිටවන වාහන සඳහා මුදල් අය කිරීම සඳහා ගැලනිගම අන්තර් හුවමාරුවේ සේවකයන් කිහිප දෙනෙකු තාවකාලිකව සේවය සඳහා යොදවා තිබුණි.
අතුරුගිරිය පිවිසුමෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයට ඇතුළු වූ වාහනවලින් පිටවීමේදී මුදල් අය කිරීමක් සිදුවන බවත් එය අදාළ රථයේ රියදුරු පවසන ඇතුළුවීමේ පිවිසුමේ සිට ගණනය කර මුදල් ලබා ගැනීමක් බවත් අදාළ නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
සබැඳි පුවත්