පුවත්

සේවාවලට බාධා කළොත් සේවයෙන් ඉවතට! – කංචන 

Published

on

අත්‍යවශ්‍ය සේවාවලට බාධා කරන ඛනිජ තෙල් සේවකයින් එම සේවයෙන් ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස තමන් එම ආයතන සභාපතිවරයා හට දැනුම්දුන් බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඇමතිවරයා මේ බව සඳහන් කර ඇත.

ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්තයේ හෝ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන බෙදාහැරීමේ කටයුතුවලට බාධාකරන වෘත්තීය සමිති නියෝජිතයින්ට හෝ සේවකයින්ට එරෙහිව අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙසද ඔහු එමගින් දැනුම්දී තිබේ.

මේ අතර, ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව පෞද්ගලීකරණයට එරෙහිව ඊයේ ආරම්භ කළ සත්‍යග්‍රහය අද (28) පස්වරුවේ නවතා වැඩවර්ජනයක් ආරම්භ කළ බව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව පවසා තිබුණි.

Trending

Exit mobile version