සේෂෙල්ස් දූපතට අයත් මුහුදු සීමාව තුළ අනවසරයෙන් ධීවර කර්මාන්තයේ නිරතවූ ශ්‍රී ලාංකික ජාතිකයෙකුට එරට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සේෂෙල්ස් රුපියල් 550,000ක දඩමුදලක් නියම කර තිබේ.
එරට පොලිසිය පවසන පරිදි 2023 නොවැම්බර් 24දා සේෂෙල්ස් සුවිශේෂී ආර්ථික කලාපයේදී (EEZ) රන්කුරුල්ලා 4 යාත්‍රාව එරට බලධාරීන් ගේ භාරයට ගැණුන අතර, එම යාත්‍රාව භාරව කටයුතු කළ 43 හැවිරිදි මාකවිට ලියනගේ දිලේෂ් නැමැති පුද්ගලයා අත්අඩංගුවට ගැණුනි.
මෙම නඩුව විභාගයට ගත් අවස්ථාවේදී වරදකරු විසින් වරද පිළිගෙන තිබුණු අතර, දින 60ක් තුළ ඉහත දඩය ගෙවීමට ඔහු අපොහොසත් වුවහොත් මාස 18ක සිරදඬුවමකට යටත් වනු ඇත.