සොජිට්ස් කැළණිතිස්ස බලාගාරය යළිත් ලංකා විදුලි බල මණ්ඩලය වෙත ලබා ගැනීමට ලංකා විදුලි බල මණ්ඩලය කටයුතු කර තිබේ.
මෙගාවොට් 163 ක චක්‍රීය බලාගාරයක් වන සොජිට්ස් බලාගාරය සොජිට්ස් කැළණිතිස්ස පුද්ගලික සමාගම විසින් පවත්වාගෙන ගිය අතර එය පසුගිය 28 දා යළිත් ලංකා විදුලි බල මණ්ඩලය විසින් අත්පත්කර ගෙන තිබේ.
මෙම බලාගාරය අත්පත්කර ගැනීමේ කටයුතු පසුගිය වර්ෂයේ අවසාන භාගයේදී ආරම්භ කරන ලදී.
බලශක්ති මිලදී ගැනීමේ ගිවිසුමේ (PPA) නියමයන් සහ කොන්දේසි යටටෙතේ මෙම අත්පත්කර ගැනීම සිදුකර ඇති අතර ඒ හරහා ලංකාව බලාගාර ධාරිතාව මෙගාවොට් 163කින් වැඩිවිය.
රජයේ ප්‍රතිපත්ති රාමුව කැළනිතිස්ස බලාගාරය ඉදිකිරීම, හිමිකාරිත්වය, මෙහෙයුම් කිරීම හා පැවැරීය යන පදනම (BOOT) යටතේ 2000 ගිවිසුම් අත්සන කරනු ලැබීය.
කොන්ත්‍රාත් කාලය වසර 20ක් වූ අතර බලාගාරය කොළඹ කැලණිතිස්ස බලාගාර බලාගාර සංකීර්ණයේ පිහිටා තිබේ.
(අද)