පුවත්

සෝභිත හිමිගේ පන්සල්වල විදුලිය කපලා !

Published

on

විදුලි බිල නොගෙවීම හේතුවෙන් රා මඤ්ඤ මහා  නිකායේ ප්‍රධාන සංඝ නායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන්ට අයත් විහාරස්ථාන දෙකක විදුලිය විසංධි කිරීමට ලංකා  විදුලි බල මණ්ඩලය කටයුතු කර ඇතැයි වාර්තා වේ.

හම්බන්තොට, සිරිබෝපුර පිහිටා තිබෙන ශ්‍රී ධර්මසිංහාරාමයේ සහ උතුවන්කන්ද ශ්‍රී ධර්මදූත යෝග්‍රාශ්‍රමයේ විදුලිය මෙලෙස විසන්ධි කර ඇත්තේ අධික විදුලි බිල හේතුවෙනි.

උතුවන්කන්ද ශ්‍රී ලංකා ධර්මදූත යෝගාශ්‍රමයේ විදුලි බිල රුපියල් අනූ හතර දහසකි. (94,000). මෙහි විදුලිය විසන්ධි කර ඇත්තේ පෙරේදා (11) දිනයේදීය. සිරිබෝපුර ශ්‍රී ධර්මසිංහාරාමයේ විදුලි බිල රුපියල් 22,872 කි.

බිල වැඩිකළ පළියට බිල් ගෙවන්න ආදායමක් නෑ – ‌සෝභිත හිමි

මේ සම්බන්ධයෙන් ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් කියා සිටියේ විදුලි බිලෙන් කොටසක් මාස් පතා ගෙවද්දී මෙලෙස විදුලිය විසන්ධි කර තිබෙන බවත්, විදුලි බිල වැඩිකරන පළියට විහාරස්ථානවලට බිල ගෙවීමට ආදායමක් නොමැති බවත්ය.

මෙම විහාරස්ථානවල විදුලි බිල්පත් ගෙවන්නේ දුප්පත් දායක දායිකාවන් බවද උන්වහන්සේ පැවසූහ.

Trending

Exit mobile version