Connect with us

පුවත්

සෝමාවතිය ළගට වැසිකිලි මළ දැමූ පිරිසක් සොයා පරීක්ෂණයක්!

Published

on

බුදුරජාණන් වහන්සේගේ දකුණු දළදාව තැන්පත් කර තිබෙන ඓතිහාසික සෝමාවතී දාගැබ වටා පිහිටා තිබෙන සෝමාවතී ජාතික වනෝද්‍යානයේ විල්ලු ආශ්‍රිත භූමියට කාලයක් තිස්සේ වැසිකිළි අපද්‍රව්‍ය මුදාහැරීමේ සිද්ධියක් අනාවරණය කර ගැනීමට පොළොන්නරුව වනජීවි නිලධාරීන් සමත්ව ඇත.

ගලි බවුසරයක් මගින් මෙම වැසිකිළි අපද්‍රව්‍ය සෝමාවතී දාගැබේ සිට මීටර් 300 ක් දුරින් පිහිටා තිබෙන කැලෑ ප්‍රදේශයට මුදාහැර ඇති අතර,වාර්ෂිකව පැවැත්වෙන සෝමාවතී රජ මහා විහාරස්ථානයේ දළදා පෙරහර ගමන් කරන්නේද මෙම අපද්‍රව්‍ය මුදා හැරෙන භූමිය අසලින් බව පරිසරවේදීහු පවසති.

මෙලෙස මුදා හැරෙන අපද්‍රව්‍ය ජලය සමඟ මුසුවී මහවැලි ගඟ දක්වා ගමන් කරන බවද,මෙම අපද්‍රව්‍ය ආහාරයට ගැනීමට ඌරන් ඇතුළු සතුන් පැමිණෙන බවද ඔවුහු සඳහන් කරති.එමෙන්ම,මළ අපද්‍රව්‍ය මුදා හැරීම නිසා විහාරස්ථාන භූමිය වටා ප්‍රදේශය ආශ්‍රිතව දැඩි දුර්ගන්ධයක්ද ඇතිවන බවද ඔවුහු කියති.

ඉතා සංවේදී පරිසර කලාපයකට ගලි බවුසර් මගින් මෙලෙස වැසිකිළි අපද්‍රව්‍ය මුදාහරින බව පොළොන්නරුව වනජීවි අඩවි ආරක්ෂක ඩබ්ලිව්.එම්.කුමාරසිරි ඇතුළු වනජීවි නිලධාරීන් ඉකුත් වසරේ (2022) දෙසැම්බර් මස 11 වැනිදා මුලින්ම අනාවරණය කරගෙන එලෙස අපද්‍රව්‍ය මුදාහරින ලද අංශ වලට කරුණු පැහැදිලි කරදීමට කටයුතු කර තිබේ.

කෙසේවුවද, මෙලෙස දිගින් දිගටම ජාතික වනෝද්‍යානයට වැසිකිළි අපද්‍රව්‍ය මුදාහැරීම හේතුවෙන් ඒ සම්බන්ධව පොළොන්නරුව මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමට වනජීවි නිලධාරීන් කටයුතු කර ඇත.

ඒ අනුව අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොළොන්නරුව මහෙස්ත්‍රාත් යූ.එන්.එස්.ඒ.වික්‍රමරත්න නියෝග කළේය.

අදාළ ගලි බවුසරයේ රියදුරු ඉදිරියේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට පොළොන්නරුව වනජීවි නිලධාරීන් කටයුතු යොදා ඇත.

වැසිකිළි අපද්‍රව්‍ය බැහැර කරන ස්ථානයක් ලංකාපුර ප්‍රාදේශීය සභාව විසින් පවත්වාගෙන යන අතර, එම ස්ථානය විසින් එක් ගලි බවුසරයක අපද්‍රව්‍ය භාර ගැනීමේදී අය කරන මුදල රුපියල් 3500 කි.

එලෙස අපද්‍රව්‍ය භාර ගන්නා ස්ථානයක් තිබියදීත්, මෙලෙස සෝමාවතී දාගැබ ආශ්‍රිත ජාතික වනෝද්‍යානයට මළ අපද්‍රව්‍ය බැහැර කිරීම නිසා ඉදිරියේදී දැඩි පාරිසරික තර්ජනයක් ඇතිවිය හැකි බව පරිසරවේදීහු පවසති.

මූලාශ්‍රය – අරුණ

පුවත්

සිසුවියගේ සියදිවි නසා ගැනීමට සැක ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවයි

Published

on

By

කොටහේන ගල්පොත්ත වීදිය මහල් නිවාස සංකීර්ණයක පදිංචිව සිටි 16 හැවිරිදි සිසුවියක සියදිවි නසාගැනීම සිද්ධියට චෝදනා එල්ල වී ඇති සැකකාර ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය අද (9) පස්වරුවේ පවසා සිටියේ මෙම සිදුවීමට අදාළ පොලිස් බී වාර්තාව මේ වනවිට තම අමාශ්‍යාංශයට ලැබී ඇති බවයි.

ඒ හේතුවෙන් සිද්ධියට අදාළ ගුරුවරයා, ආයතන සංග්‍රහයේ II කාණ්ඩයේ XLVIII වැනි පරිච්ඡේදයේ 27:9 වගන්තිය ප්‍රකාරව අනිවාර්ය නිවාඩු ගැන්වීමට කටයුතු කරන බවයි.

එමෙන්ම මෙම සිද්ධියට අදාළ මූලික විමර්ශනය මේ වනවිට සිදු කෙරෙමින් පවතින අතර, එහි වාර්තාව ලද වහාම විධිමත් විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන බවද එම අමාත්‍යාංශය පවසයි.

තවද මෙම සමස්ත සිදුවීමේදී යම් පාර්ශ්වයන් තම රාජකාරි වගකීම් පැහැරහැර ඇත්ද යන්න සොයා බැලීමට එම අමාත්‍යාංශය විසින් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

Continue Reading

පුවත්

වෙසක් සතියට දින තුනක් වැසෙන තැන්

Published

on

By

වෙසක් සතිය නිමිත්තෙන් දිවයින පුරා ඇති මස් මාංශ අලෙවි සැල්, රේස්බුකී, කැසිනෝ ශාලා, සමාජ ශාලා සහ සුරාසැල් වසා තැබීම ගැන රජයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

මැයි මස 10 සිට මැයි මස 16 වන දින දක්වා වෙසක් සතිය ලෙස නම් කර ඇත.

ඒ අනුව මැයි මස 12,13 සහ 14 වන තෙදින පුරා දිවයින පුරා ඇති මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන, මස් මාංශ අලෙවි සැල් සහ සුරා සැල් වසා තැබෙනු ඇත.

මීට අමතරව සුපිරි වෙළෙඳසැල්වල මස් මාංශ අලෙවි කිරීම තහනම් වන අතර, රේස් බුකී, කැසිනෝ ශාලා සහ සමාජ ශාලා වසා තැබීමට කටයුතු කරන ලෙස රජය දැනුම්දී තිබේ. 

Continue Reading

පුවත්

හෙටින් ඇරඹෙන ජාතික වෙසක් සතිය

Published

on

By

ජාතික වෙසක් සතිය මැයි 10 වැනිදා සිට 16 වැනිදා දක්වා කාලය තුල ප්‍රකාශයට පත්කර ඇත.

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව එක්ව නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරස්ථානයේදී වෙසක් සතිය මැයි 10 දින සිට 16 දින දක්වා පැවැත්වීමට නියමිතය.

මෙම වසරේ රාජ්‍ය වෙසක් මහෝත්සවය “කළණ ගුණ ඇති උතුම් මිනිසුන් ඇසුරු කරමු” යන තේමාව යටතේ පැවැත්වේ.

මෙම වෙසක් සතිය තුළ සියලුම රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල, නිවාසවල බෞද්ධ කොඩිය ඔසවා තැබීමත් එම ගොඩනැගිලි පරිසර හිතකාමී වෙසක් සැරසිලිවලින් අලංකාර කිරීමත් කළ යුතු බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සදහන් කර ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved