Connect with us

පුවත්

සෞඛ්‍ය ඇමතිත් කඩන මැතිවරණ නීති

Published

on

සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ ලිපි ශීර්ෂය නිල වශයෙන් භාවිත කරමින්,අපේක්ෂකයෙකුගේ ප්‍රචාරණ රැස්වීමක් සඳහා කැඳවීම මැතිවරණ නීතියට අනුකූලදැයි වහා සොයා බලන ලෙස සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.

ලිපියක් යොමු කරමින් රවී කුමුදේශ් මහතා සඳහන් කළේ ජනාධිපති අපේක්ෂකයෙකුගේ හෙට (12) හවස පැවැත්වෙන ප්‍රචාරණ රැස්වීමක් සඳහා මෙම කැඳවීම සිදු කර තිබෙන බවය.

සෞඛ්‍ය අමාත්‍යාවරයා ලෙස නිල බලය පාවිච්චි කරමින්, නිල වගකීම් ඇති නිලධාරීන් ජනාධිපති අපේක්ෂකයකු සහභාගි වන රැස්වීමකට සහභාගී කරවීම මැතිවරණ නීති වලට අනුකූලද යන්න රවී කුමුදේශ් මහතා ලිපියක් යොමු කරමින් විමසා සිටී.

සෞඛ්‍ය ප්‍රතිසංස්කරණ පිළිබඳව විමසන සැබෑ රැස්වීමක් නම්, එය වෛද්‍ය ප්‍රජාව සමග පමණක් සාකච්ඡා කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කරන්නේ කෙසේද යන්න විමසන කුමුදේශ් මහතා පසුගිය වසර දෙකකට වඩා වැඩි කාලයක් සෞඛ්‍ය ප්‍රතිසංස්කරණ ගැන පැවසිමට ඉල්ලු එකම අවස්ථාවක් හෝ ලබා නොදුන් බව පෙන්වා දෙයි.

එලෙස එකම අවස්ථාවක් හෝ ලබා නොදුන් සෞඛ්‍යා අමාත්‍යවරයා මෙලෙස එකවර ප්‍රතිසංස්කරණ පිළිබඳව කතා කිරීමේ උවමනාවක් පැමිණ තිබෙන බව අදාළ ලිපියෙන් සඳහන්ය.

සෞඛ්‍ය ප්‍රතිසංස්කරණ ගැන සෞඛ්‍යා අමාත්‍යවරයාට සෞඛ්‍ය අමාත්‍යාංශයේදී විමසිමට නොහැකි ඇයි දැයි එහිදී කුමුදේශ් මහතා වැඩිදුරටත් විමසා සිටියි.

පුවත්

ප්‍රදේශ කිහිපයකට වැසි

Published

on

By

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

Continue Reading

පුවත්

කටාර් අමෙරිකානු කඳවුරු ඉලක්ක කර ඉරානයෙන් ප්‍රහාරයක් (UPDATE)

Published

on

By

කටාර් අගනුවර වන දෝහා අසල පිපිරීම් ඇසුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, එක්සත් ජනපදය කටාර් අගනුවර වන දෝහාවල ඇති අමෙරිකානු හමුදා කඳවුර අසල මෙම පිපිරීම් හඩ ඇසුණු බවය.

මේ අතර ඉරානයේ ඉස්ලාමීය ආරක්ෂක බළකාය පවසා ඇත්තේ, කටාර්හි අමෙරිකානු අල් උඩෙයිඩ් ගුවන් කඳවුර ඉලක්ක කර ගනිමින් පලිගැනීමේ මිසයිල ප්‍රහාරයක් දියත් කළ බවය.

තවද ඉරාකයේ අමෙරිකානු කඳවුරු ඉලක්ක කර ගනිමින් මිසයිල මෙහෙයුමක් ආරම්භ කර ඇති බවද ඉරානයේ තස්නීම් ප්‍රවෘත්තී ඒජන්සිය වාර්තා කර තිබේ.

———————

(පෙර පුවත : පස්වරු 10.44 – 2025/06/23 )

කටාර් රාජ්‍ය සිය ගුවන් අවකාශය තාවකාලිකව වසා දමයි

කටාර් රාජ්‍යය තම ගුවන් කලාපයේ ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවන බව එරට විදේශ අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

පවතින යුධමය තත්ත්වය හේතුවෙන්  මෙම තීරණය ගත් බව  එරට විදේශ අමාත්‍යාංශය නිවේදනය කර ඇත.

ඒ අනුව කටාර් හි හමාඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පියාසර කිරීමට නියමිත සියලු ගුවන් යානා ඒ ආසන්න වෙනත් ගුවන්තොටුපොළ වෙත පියාසර කෙරෙනු ඇත.

මේ අතර කටාර්හි පිහිටා ඇති මැදපෙරදිග විශාලතම අමෙරිකානු හමුදා කඳවුර වන අල් උඩෙයිඩ් ගුවන් කඳවුර වෙත ඉරාන ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක් මතුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

විදෙස් මාධ්‍ය වාර්තාකර ඇත්තේ, එම කඳවුර තුළ අමෙරිකානු පුරවැසියන් 8,000ක් පමණ වාසය කරන බවය.

මේ අතර කටාර්හි සිටින අමෙරිකා එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය පුරවැසියන්ට දැනුම් දීමක් සිදුකර තිබේ.

එම දැනුම්දීම මගින් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ, නැවත දැනුම් දෙන තුරු එම ස්ථානවල රැඳී සිටින ලෙසය.

Continue Reading

පුවත්

චීනය වගේම දකුණු ආසියාවේ අපත් විවෘත විය යුතුයි – කුසල් (වීඩියෝ)

Published

on

By

 පසුගිය 19 වැනිදා නිරිතදිග චීනයේ යුනාන් පළාතේ කුන්මින් නගරයේ දී ඇරඹුනු නවවැනි චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනය හෙට (24) අවසන් වේ.

“සමගිය, සහයෝගීතාව සහ සංවර්ධනය වෙනුවෙන් එක්ව කටයුතු කිරීම” යන තේමාව යටතේ පැවැත්වෙන මෙම ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාව මෙවර එක්වූයේ ‘ගෞරවනීය ආරාධිත රට’ ලෙසයි.

චීන-ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික වෙළඳාම 2024 දී ඇමරිකානු ඩොලර් බිලියන 5.36 ක වාර්තාගත ඉහළම අගයට ළඟා වූ අතර එය වසරින් වසර 13.4% ක වැඩිවීමකි. මේ හේතුවෙන් දකුණු ආසියානු කලාපය තුළ චීනයේ වේගයෙන්ම වර්ධනය වන වෙළඳ හවුල්කරුවා බවටද ශ්‍රී ලංකාව පත්ව ඇත.

චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනය තුළ ශ්‍රී ලංකා ප්‍රදර්ශන කුටිය වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අතින් විවෘත කෙරුණි.

මෙම ප්‍රදර්ශනය තුළ ශ්‍රී ලංකාව හට හිමිවූ සුවිශේෂී ස්ථානය හා ඉන් ශ්‍රී ලංකාවට ලැබිය හැකි ප්‍රතිලාභ පිළිබඳව ‘ශ්‍රී ලංකා මිරර්’ වෙනුවෙන් ජ්‍යේෂ්ට මාධ්‍යවේදී හා දේශපාලක විචාරක කුසල් පෙරේරා මහතා හා චීනයේ CGTN රූපවාහිනියේ ලී චියුයුවැන් මහත්මිය අතර කෙටි කතාබහක් පසුගියදා සිදුවිය.

මෙහිදී පෙරේරා මහතා පවසා තිබුණේ මෙම වේදිකාවෙන් ප්‍රයෝජන ගෙන චීනය හා ද්වීපාර්ශ්වික වෙළඳ කටයුතු වර්ධනය කිරීම සඳහා, තේ වැනි සාම්ප්‍රදායික අපනයන නිෂ්පාදන වලින් ඔබ්බට ගොස් අපනයන නිෂ්පාදන විවිධාංගිකරණයට ලක් කළ හැකි ආකාරය පිළිබඳව යළි සිතා බැලිය යුතු බවයි.

මෙම වේදිකාවේ පිළිඹිබු වන බලශක්ති පරිවර්තනය හා ඩිජිටල් ආර්ථිකය වැනි නැගී එන ක්ෂේත්‍ර අතරින් ශ්‍රී ලංකාවට වඩාත්ම වැදගත් වන්නේ තාක්ෂණය, බලශක්තිය හා පරිසරය යන ක්ෂේත්‍ර වල එකතුවක් යැයි තමාට හැඟෙන බවද ඔහු කියා සිටියේය.

එය ශ්‍රී ලංකාවට දිගු ක්‍රියාවලියක් වනු ඇති බව පැවසූ ඔහු, මෙම ක්‍රියාවලියට ඉඩ සැලසෙන පරිදි ලංකාවේ ජාතික ආර්ථිකයද සැලසුම් කළ යුතු බව අවධාරණය කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ පෙරේරා මහතා පවසා සිටියේ ආරක්ෂණවාදයට පිවිසෙන යුරෝපය මෙන් නොව චීනය විවෘත වෙමින් පවතින බව තමාට හැඟෙන බවයි. 

චීනයේ මෙම ආර්ථික විවෘතභාවය සියලු දකුණු ආසියානු රටවල් වෙත දැවැන්ත අවස්ථාවක් උදා කරන බවත්, චීනය මෙන්ම දකුණු ආසියාවද විවෘත විය යුතු බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

“ආරක්ෂණවාදය ආර්ථික වර්ධනය සඳහා උත්ප්‍රේරකයක් වන්නේ නැත. චීනය දැනටමත් විවෘතව පවතින අතර එහි ආර්ථිකය ගෝලීය වෙළඳාම මත වර්ධනය වෙමින් පවතී. ඔවුන් සෑම තැනකම ගෙන ගොස් ඇත්තේ ඔවුන්ගේ විවෘතභාවයයි… දකුණු ආසියාවේ අපත් විවෘත විය යුතුයි,” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

(වීඩියෝ : CGTN)

සබැඳි පුවත් :

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved