Connect with us

පුවත්

සෞඛ්‍ය වෘත්තිය සමිති වලින් ආණ්ඩුවට රතු නිවේදනයක්

Published

on

රට පුරා සියලුම රෝහල්වල එළබෙන බ්‍රහස්පතින්දා (06) දින උදෑසන 08 සිට සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ කාර්ය මණ්ඩලය සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව එම සමිති නායකයින් පවසයි.

සෞඛ්‍ය අංශ සමග අද (03) සාකච්ඡා සිදුකරන බවත් සාධනීය ප්‍රතිචාරයක් ලබා නොදුනහොත් වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය සමිති සංවිධාන 20ක නියෝජිතයින් පවසා සිටියි.

සෞඛ්‍ය වෘත්තීවේදීන්ගේ දීමනා කප්පාදුව නිවැරැදි කරන්න නලින්ද ජයතිස්ස ඇමතිවරයා ලබාදුන් කාලය අදින් අවසන් බව සෞඛ්‍ය සමිති සංවිධාන නියෝජිතයින් ප්‍රකාශ කර සිටී.

නමුත් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය, ළමා රෝහල්, පිළිකා රෝහල්, මාතෘ රෝහල් හා වකුගඩු රෝහල්හි ක්‍රියාත්මක නොවන බව ද සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ කැඳවුම්කාර මණ්ඩලය පවසයි.

නලින්ද ජයතිස්ස මහතා විසින් හෙදියකගේ වැටුප පිළිබඳව පාර්ලිමේන්තුවේදී සිදුකරන ලද ප්‍රකාශය සාවද්‍ය බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ කැඳවුම්කාර මණ්ඩලය වෙනුවෙන් රවි කුමුදේශ් මහතා පවසා සිටියේය.

ඔහු පැවසුවේ හරිනි අමරසූරිය අධ්‍යාපන ඇමතිනිය වශයෙන් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් පළමු වැටුප් තල දහයට ගෙන ඒමේදී, පළමු වැටුප් තල දහය අතර රැඳී සිටි සෞඛ්‍ය වෘත්තීයවේදීන් පහළට ඇද දමා ඇති බවය.

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ට අදාළව ක්‍රියාත්මක බරපතළ වැටුප් විෂමතාව ඉවත් කිරීමට අයවැයෙන් කිසිදු උත්සාහයක් සිදුකර නොමැති බවද ඔහු පෙන්වා දුන්නේය.

සෞඛ්‍ය වෘත්තීයවේදීන් ඉලක්ක කරගනිමින් නිවැරැදි කළ යුතුව තිබෙන බරපතළ වැටුප් විෂමතාව එසේම තිබියදී, ඔවුනට ලබාදී ඇති දීමනා කප්පාදු කිරීම බරපතළ බව ද රවි කුමුදේශ් මහතා පවසයි.

එම ගැටලුව විසඳීම පසෙක තබා සෞඛ්‍ය ඇමතිවරයා පාර්ලිමේන්තුවේදී බොරු සංඛ්‍යාලේඛන පෙන්වමින් මහ ජනතාව, සෞඛ්‍ය වෘත්තීයවේදීන්ට එරෙහිව උසිගැන්වීමට උත්සාහ කරන බව සඳහන් කලේය.

ගැටලුවට විසඳුම් සෙවීමට සෞඛ්‍ය ඇමතිවරයාට ඇති වුවමනාවට වඩා එය තේරුම් නොගනිමින් කටයුතු කරන බවක් පෙනෙන්නට තිබෙන බැවින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බව කණගාටුවෙන් දැනුම් දෙන බව ද රවි කුමුදේශ් මහතා පවසයි.

තවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ අයවැය යෝජනාවල සඳහන් පරිදි වෛද්‍යවරුන්ගේ වැටුප්, දීමනා සහ වෛද්‍ය වෘත්තිකයන් සිය රාජකාරි ඉටුකිරීමේදී මුහුණදෙන අභියෝගවලට විසඳුම් ලබාදීමට රජය අපොහොසත් වුවහොත් වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළැඹෙන බවය.

ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවී එම ගැටලු පිළිබඳ සාකච්ඡා කළ නමුත් එම සාකච්ඡාවේදී ගැටලු සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීමට නොහැකි වූ බව එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේය.

ජනාධිපතිවරයා අයවැය යෝජනාව සහ වෛද්‍යවරුන් විසින් මතුකරන ලද ගැටලු සමාලෝචනය කිරීමට තවත් කල් ඉල්ලා සිටි බව ද ඔහු සඳහන් කලේය.

පුවත්

වෙසක් පුර පසොළොස්වක පොහොය අදයි

Published

on

By

ගෞතම බුදුරජාණන් වහන්සේගේ උත්පත්තිය, බුද්ධත්වය සහ පරිනිර්වාණය යන තෙමඟුල සිහිකෙරෙන උතුම් වෙසක් පුර පසළොස්වක ‍පොහොය දිනය අද (12) ට යෙදී තිබේ.

බුදුන් වහන්සේ සුමේධ තාපස ආත්ම භාවයේදී දීපංකර බුදුරදුන්ගෙන් නියත විවරණ ලැබුවේ ද වෙසක් පොහොය දිනයක වන අතර උන්වහන්සේ බුද්ධත්වයෙන් අටවන අවුරුද්දේදී මණිඅක්ඛික නා රජුගේ ඇරයුමින් කැලණියට වැඩම කළේ ද වෙසක් පොහොය දිනයේ වීම තවත් විශේෂත්වයකි.

ශාසනික වැදගත්කම් රාශියකින් යුත් වෙසක් පුර පසළොස්වක ‍පොහොය දිනය ශ්‍රී ලංකාවාසීන් මෙන්ම සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාව උත්සවශ්‍රීයෙන් සමරනු ලබයි.

Continue Reading

පුවත්

ගැරඩි ඇල්ල බස් අනතුරින් මියගිය ගණන ඉහලට; බස් එකේ කොටසුත් ගොඩ ගනියි

Published

on

By

රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ බස් රථ අනතුරින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 22ක් දක්වා ඉහළ ගොස් ඇති බව පොලීසිය පවසයි.

අද (11) උදෑසන ප්‍රපාතයට පෙරළුණු එම බස් රථයේ කොටස් පස්වරුවේ ගොඩගෙන තිබේ.

පොලීසිය සහ යුදහමුදාව එක්ව විශාල දොඹකර ආධාරයෙන් මෙම බස් රථයේ කොටස් ගොඩට ගෙන ඇත.

පසුව එම කොටස් ඉදිරි පරික්ෂණ කටයුතු සඳහා කොත්මලේ පොලීසිය වෙත රැගෙන යවා ඇති බවද පැවසේ.

අද අළුයම සිදු වූ අනතුරින් මේ වන විට පුද්ගලයින් 22නෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

මෙම අනතුර සම්බන්ධ විමර්ශන කොත්මලේ පොලීසිය විසින් සිදුකරනු ලබයි.

Continue Reading

පුවත්

සේමිණිට ඇප

Published

on

By

පෞද්ගලික ආරක්ෂක සේවයක් පවත්වාගෙන යමින් එහි සේවය කරන ලද සේවකයන්ගේ අර්ථසාධක මුදල් සහ දායක මුදල් නොගෙවීම සම්බන්ධයෙන් වරෙන්තු ලබා සිටියදී අත් අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කළ රංගන ශිල්පීණී සේමිණි ඉද්දමල්ගොඩ ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉළංඟසිංහ මහතා අද (11) නියෝග කළේය.

අර්ථසාධක නොගෙවීම සම්බන්ධයෙන් ගොනු කළ විමර්ශනයන්ට අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් සැකකාරියට අධිකරණය මගින් වරෙන්තු හතක් නිකුත් කර තිබූ අතර එම වරෙන්තු අනුව වැලිකඩ පොලීසිය මගින් සැකකාරිය අත් අඩංගුවට ගෙන ඉදිරිපත් කිරීමෙන් පසුව මෙසේ ඇප නියම කළේය.

කොළඹ අධිකරණයේ,මාතර හා තංගල්ල අධිකරණවල විමර්ශනයන්ට අනුව මෙම වරෙන්තු සැකකාරියට එරෙහිව නිකුත් කර තිබිණි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved