පුවත්

සෞඛ්‍ය වෘත්තීය සමිති යළිත් 01දා සිට වර්ජනයේ

Published

on

සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ග යළිත් පෙබරවාරි 01දා සිට දීපව්‍යාප්ත වර්ජනයක් ලෙස ආරම්භ කිරීමට තීරණය කර ඇති බව එම එකමුතුවේ කැඳවුම්කරු චානක ධර්මවික්‍රම මහතා පවසයි.

ආර්ථික යුක්තිය ඉටුකරගැනීම සඳහා මෙම පියවර ගන්නා බවත් ජනවාරි 23දා සිට ඉදිරියට දීපව්‍යාප්ත ලෙස රෝහල් ඉදිරිපිට උද්ඝෝෂණ ව්‍යාපාර පැවැත්වීමට ද තීරණය කර ඇති බවත් එම එකමුතුව පවසයි.

රෝගීන්ට සිදුවන අපහසුතාව අවම කිරීමට ඔවුන්ට ගත හැකි සියලු පියවර ගැනීමට උත්සාහ කරන බවත්, මෙම ගැටලුව කඩිනමින් විසදීමට රජය කටයුතු කිරීම මගින් සියලු පාර්ශ්ව වෙත සිදුවන අපහසුතා වැළැක්විය හැකි බවද ඔවුන් පෙන්වා දෙයි.

Trending

Exit mobile version