පුවත්

සෞඛ්‍ය සේවක වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

Published

on

සෞඛ්‍ය වෘත්තීය සමිති විසින් හෙට (03) ආරම්භ කිරීමට නියමිතව තිබූ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.

සෞඛ්‍ය සේවාවට අදාළ ගැටලු මාධ්‍යට නිරාවරණය කිරීම තහනම් කරමින් සෞඛ්‍ය සේවකයින්ට නිකුත් කර තිබූ චක්‍රලේඛයට එරෙහිව මෙම  වර්ජනය සිදුකිරීමට නියමිතව තිබුණි.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සෞඛ්‍ය ලේකම් – ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා විසින් අද (02) දිනයේ සාකච්ඡාවක් ලබාදීම හේතුවෙන් වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව සෞඛ්‍යය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ, සභාපති, රවි කුමුදේශ් පවසයි.

Trending

Exit mobile version