පුවත්

සෞඛ්‍ය සේවක වැඩ වර්ජනය අවසන්

Published

on

සෞඛ්‍ය වෘත්තිය සමිති 19ක් ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය අද(19) උදෑසන 7.00 ට අවසන් විය.

අයවැය යෝජනා මගින් සිය දීමනා කප්පාදු වී ඇති බව පවසමින් ඊයේ(18) උදෑසන 7 සිට ඔවුන් වැඩ වර්ජනයේ නිරත වූහ.

ඒ හේතුවෙන් දිවයින පුරා රෝහල් රැසක රෝගීන් දැඩි පීඩාවට පත් විය.

රසායනාගාර විද්‍යාඥ සංගමය, රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය, රජයේ ඖෂධවේදීන්ගේ සංගමය, ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන්ගේ සංගමය, රජයේ දන්ත තාක්ෂණ ශීල්පී සංගමය, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සංගමය ඇතුළු පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයට අයත් වෘත්තීය සමිති 7ක් සහ අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණට අයත් වෘත්තීය සමිති 11ක් ඊට එක්ව තිබුණි.

සබැඳි පුවත්

Trending

Exit mobile version