පුවත්

සෞඛ්‍ය සේවයට අදාල ගැසට්ටුවක්

Published

on

සෞඛ්‍ය සේවයට අදාල සේවා කටයුතු රැසක් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි දැක්වෙන්නේ ජනාධිපතිවරයාගේ අණ පරිදි නිකුත් කර ඇති මෙම ගැසට් නිවේදනයට අනුව රෝහල්වල, සාත්තු නිවාසවල, බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම සහ පිළිගැනීම, රැකවරණය, පෝෂණය කිරීම සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධව අවශ්‍ය හෝ කළ යුතු ඕනෑම විස්තරයක සියලු සේවා වැඩ හෝ ශ්‍රමය අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්කර ඇත.

මේ අතර, අද දිනයේදී වැඩ වර්ජනයක නිරත වූ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිය සමිති පවසා තිබුණේ හෙට දිනයේදීද වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.

Trending

Exit mobile version