පුවත්

ස.ජ.බ නීත්‍යානුකූලද? යැයි අසා නඩුවක්!

Published

on

රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව  නිසා මෙරට පුරවැසියෙක් නොවන තැනැත්තකුට දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කළ නොහැකි බව දක්වමින් සමගි ජන බල‍වේගයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් පැවරීමට ආණ්ඩුපක්ෂයේ පිරිසක් උත්සාහ කරමින් සිටින බවට වාර්තා පැතිර තිබේ.

මේ අතර, විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා ඊයේ (08) පාර්ලිමේන්තුවේ දී මේ  පිළිබඳ අදහස් දක්වමින් මෙරට පුරවැසියෙක් නොවන තැනැත්තකුට දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කළ නොහැකි බවද කියා සිටියේය.

ඔහු වැඩිදුරටත් එහිදී මෙසේද කීය.
“ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි වන බවට අද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් දුන්නා. සමඟි ජන බලවේගය පක්ෂය ලියාපදිංචි කර තිබෙන්නෙ එතුමිය. එතකොට ඒ පක්ෂය තියෙන්නේ එතුමියගෙ නමින්. පුරවැසියෙක් නොවෙන අයෙක්ට පක්ෂයක් ලියාපදිංචි කරන්න බැහැ. මේ විවාදයට වඩා සමගි ජන බලවේගය මේ ප්‍රශ්නයට මුහුණ දෙන්න සැලසුම් කරන්න. දැන්මම හොඳම නීතිඥ කණ්ඩායමක් අල්ලා ගන්න. හැබැයි අපේ පැත්තේ ඉඳලා ඔය පැත්තට ඇවිත් තිබෙන නීතිඥවරුන්ගෙන් නම් උපදෙස් ගන්න එපා. ගත්තොත් මොනවා වෙයි ද දන්නේ නැහැ.”

Trending

Exit mobile version